IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


දෙනෝදහක් බලා සිටියදි පී.සී කාන්තාවක වධ දීලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

මුදල් ආරවුලක් මත කාන්තාවකට අත් විලංගු දමා දෙනෝදාහක් බලා සිටියදී පහර දෙමින් වත්තල පොලිසියට ඇද ගෙන ආ බව කියන ජාඇල පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙක් වත්තල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

පහරකෑමට ලක්වූ කාන්තාවගේ නළලෙන් ලේ වහනය වෙමින් තිබූ නිසා ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කළ බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ වත්තල මීගමුව පාරේ පදිංචි හතළිස් හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාව සහ සැකකාර පොලිස් සැරයන්වරයා අතර මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් තිබී ඇතැයි පොලීසිය පවසයි.

සැකකාර පොලිස් සැරයන්වරයා පොලියට මුදල් ලබාදීමේ දීමේ නිරතව සිටින තැනැත්තෙක් යයිද පොලිසියට දැනගැනීමට ලැබී ඇතැයි පැවසේ.

වත්තල ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයක් ඉදිරිපිට මෙම කාන්තාව සිටිනවා දුටු පොලිස් සැරයන්වරයා ඇය අල්ලා අත් විලංගු දමා- මෙවැන්නක් සිදු කර ඇති බව ද පොලීසිය පැවසී ය.

වත්තල පොලිසියේ චෝදනා ශෝධනාගාරය දෙසින් කාන්තාවක් කෑගසන හඬ වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකඅනුර ගුණවර්ධන මහතාට ඇසී ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතා මේ ගැන විපරම් කර බැලීමට චෝදනා ගාරයට පැමිණි අවස්ථාවේ නළලෙන් ලේ ගලමින් සිටි කාන්තාවක් දැක දැකගැනීමට හැකිවී තිබේ.

කාන්තාවට අත් විලංගු දමා තිබෙන අයුරු ද මෙහිදී දැක ගැනීමට ලැබී තිබේ.

මෙම කාන්තාවට පහර දුන්නේ යැයි කියන සැකකාර පොලිස් සැරයෙන්වරයා ද චෝදනා ශෝධනාගාරය තුළ සිටින අයුරු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දැකගැනීමට ලැබී ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කාන්තාවගෙන් කරුණු විමසීමේදී මුදල් ආරවුලක් මත තමාට මෙවැන්නක් කළ බව ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇතැයි කියති.

පසුව මෙම කාන්තාවගෙන් කාන්තාව ගෙන් ප්‍රකාශයක් ලබාගෙන පොලිස් පොතේ පොතේ සටහන් කර ගෙන එහි දී හෙළි වූ තොරතුරු මත මෙම පොලිස් සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා ජාඇල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙකි.

වත්තල පොලීසියේ රාජකාරි කරමින් සිටියදී මෙම පොලිස් සැරයන්වරයා පසුගිය මාසයේ ජා ඇල පොලිසියට ස්ථාන මාරු කර යැවූ අයකු යයිද පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

මෙම සැකකාර පොලිස් සැරයන්වරයා ව කුරුඳුවත්ත පොලිසියට විශේෂ රාජකාරි සඳහා අනුයුක්ත ව කර සිට ඇත.

රාජකාරි කටයුතු නිමාකර මෙම සැරයන්වරයා නිල ඇඳුමින් සැරසී නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ ඔහු සමඟ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් තිබුණේ යැයි කියන කාන්තාව දැක පසුව මෙවැන්නක් සිදු කර තිබෙන බවද පොලිස්පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි.

 



අදහස් (4)

දෙනෝදහක් බලා සිටියදි පී.සී කාන්තාවක වධ දීලා

G. K. Ekanayake Sunday, 16 July 2023 11:06 PM

අට සමත් උනත් ඔබ ගරුතරව සිටිනවා ..... අහිසක තරුණියන් තැවෙනවා...

:       0       0

ඉන්දික Monday, 17 July 2023 08:25 AM

කෝ මේ කාන්තා සංවිදාන. කාන්තාවක් වෙනුවෙන් පෙනී හිටින්න බැරිද.

:       0       4

මොට්ටපාල Monday, 17 July 2023 08:26 AM

දෙනෝදාහක් බලාසිටියදී කාන්තාවකට අත් විලංගු දමා පහරදෙමින් ඇදගෙන ආවානම් සැකපිට වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි නැහැ

:       0       6

Pradeep Kumara Monday, 17 July 2023 01:07 PM

නීතිය අතට ගත් මොහුට නීතිය ක්‍රියාත්මකවන හැටි අපි බලා සිටිමු.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති
2024 මැයි මස 05 82 0

මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා


හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
2024 මැයි මස 05 619 0

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහ


පාසල් පෙම කුරිරු වී සිසුවා රෝහලේ
2024 මැයි මස 05 762 0

වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකුගේ පිහිපහරින් තුවාල ලැබු නව වැනි ශ්‍රේණියේ සිසුවෙකු වතුපිටිවල මුලික රෝහලට ඇතුලු කර ඇතැය


ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 1353 1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු
2024 මැයි මස 05 658 0

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්


ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 203 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 493 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site