
(ඩී.ජී.සුගතපාල)
රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාරගයේ දී ඊයේ(12)වැනි දා පෙරවරුවේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ත්‍රී රෝද රථයක් හැපි දෙදෙනකු මියගොස් එක් අයෙක් දිවි ගලවාගෙන ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ දොඩන්දුව පිංකන්ද පදිංචි ත්‍රී රෝද රථ රියදුරු සහ පිටුපස අසුනේ ගමන් ගත් බූස්ස කැකිල්ලමණ්ඩිය පදිංචි පුද්ගලයෙකි. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රී රෝද රථයේ පිටුපස අසුනේ සිටි අයෙක් එළියට පැන දිවි ගලවාගෙන ඇත.
මියගිය පුද්ගලයා ත්‍රී රෝද රථයෙන් කුලි ගමනක් යමින් සිටිය දී දිවි බේරාගත් පුද්ගලයා අතරමගදී ත්‍රී රෝද රථයට ගොඩ වී ඇති බවද පොලිසිය පවසයි.
මියගිය අයගේ මළ සිරුරු මරණ පරික්ෂණ සඳහා කරාපිටිය රෝහල වෙත ගෙන යන ලද අතර රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd