
(ඩී.ජී.සුගතපාල)
රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාරගයේ දී ඊයේ(12)වැනි දා පෙරවරුවේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ත්‍රී රෝද රථයක් හැපි දෙදෙනකු මියගොස් එක් අයෙක් දිවි ගලවාගෙන ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ දොඩන්දුව පිංකන්ද පදිංචි ත්‍රී රෝද රථ රියදුරු සහ පිටුපස අසුනේ ගමන් ගත් බූස්ස කැකිල්ලමණ්ඩිය පදිංචි පුද්ගලයෙකි. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රී රෝද රථයේ පිටුපස අසුනේ සිටි අයෙක් එළියට පැන දිවි ගලවාගෙන ඇත.
මියගිය පුද්ගලයා ත්‍රී රෝද රථයෙන් කුලි ගමනක් යමින් සිටිය දී දිවි බේරාගත් පුද්ගලයා අතරමගදී ත්‍රී රෝද රථයට ගොඩ වී ඇති බවද පොලිසිය පවසයි.
මියගිය අයගේ මළ සිරුරු මරණ පරික්ෂණ සඳහා කරාපිටිය රෝහල වෙත ගෙන යන ලද අතර රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දුම්රියේ ගැටී දෙකක් මරුට අයෙක් බේරෙයි