IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


දිළිඳු පවුල් නඟාසිටුවන ප්‍රයත්නය අගයමු

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන ඉකුත් දා ආරම්භ විය. රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභී සහ නිපුණතාව රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන බව අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියක සඳහන් විය.

අගය කළ යුතු දියුණු ව්‍යාපෘතියකි. සමාජයේ ඇති නැති පරතරය තුරන් කිරීම සඳහා විවිධ ව්‍යාපෘති දුරාතීතයේ සිටම ක්‍රියාත්මක වී තිබේ. එහෙත් එමඟින් යැපුම් මානසිකත්වයක් උස් මහත් වූවා මිසක් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර නොදුන් බව සත්‍යයකි. එහි ප්‍රතිඵලය වූයේ ඇති නැති පරතරය දිනෙන් දින වර්ධනයවීම ය. අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂයක් තෝරාගෙන එයින් එක් පවුලක එක් සාමාජිකයකුට රජයේ රැකියාවක් ලබාදීමට පියවර ගැනීම අගය කළ යුතු ප්‍රයත්නයකි.

අඩු ආදායම්ලාභියකුවීම සමාජ වරප්‍රසාද සම ලෙස විඳීමට ඇති අවස්ථාව අහිමිවීමකි. විශේෂයෙන්ම සමාජ පිළිගැනීම අහිමිවීම හරහා එම ජීවිත තව තවත් දුක්ඛිත තත්ත්වයට පත්වීමේ ඉඩකඩ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ය. ආත්ම ගරුත්වය අහිමිවීමට ඉඩ පෑදීමකි. සමාජ ප්‍රශ්න සරලම අංශුවට කඩා විග්‍රහ කර ගැනීමේදී ඉහත යථාර්ථය පහසුවෙන් හඳුනාගත හැකිය.

රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සංස්ථා, මණ්ඩල ආදියෙහි රැකියා ඇබෑර්තු බොහෝවිට වෙන්වන්නේ දේශපාලන හෙංචයියන්ට ය. රැකියා ඇබෑර්තු නැතත් දේශපාලන හෙන්චයියලාට ඒ ඒ ආයතනවල රැකියාවක් ලබාගැනීම අසීරු නැත. ඇතැම්විට රජයේ රැකියාවක් කළද තාවකාලික අනුයුක්ත කිරීම් යන ශීර්ෂය යටතේ තම දේශපාලන හාම්පුතාගේ සෙවණටම යාමේ හැකියාවද පවතී. ‘අමාත්‍ය කාර්ය මණ්ඩලය’ ඒ සඳහා තෝතැන්නකි. තාවකාලික අනුයුක්තවීමක් ලබන අන්තේවාසිකයා තමන් රැකියාව සිදු කරන ආයතනයෙන් වැටුප් ලබාගන්නා අතර අනුයුක්ත වූ ආයතනයෙන් යාන වාහන, ඉන්ධන දීමනා  ඇතුළු අනෙකුත් වරප්‍රසාද ලබාගනී.

රාජ්‍ය ආයතන බලයේ සිටින ආණ්ඩුවේ ශාඛා කාර්යාලයක් බවට පරිවර්තනය වීමට ඉහත තත්ත්වය ද ප්‍රධාන හේතුවකි. රාජ්‍ය ආයතන තිබිය යුත්තේ තමන්ගේ අන්තේවාසිකයන්ගෙන් පුරවා තැබීමට නොව ඒ ඒ ආයතනවලට හිමි කාර්යසාධනය කාර්යක්ෂමව සපුරාලීමට ය. එහෙත් අන්තේවාසිකයන්ගෙන් එම ආයතන පුරවාලූ පසු ඉහත කී අරමුණ මුදුන් පමුණුවා ගැනීමට නොහැකි ය. රාජ්‍ය ආයතන රටට බරක් ලෙස හැඟී යන්නේ එම පරිසරය තුළ ය.

කුසගින්නේ සිටින මිනිසාට ඒ මොහොතේ කෑමට මාළුවකු ලබාදීම නිෂ්ඵල බවත් එම මිනිසාට දිය යුත්තේ බිලී පිත්තක් බවත් දේශපාලන විද්‍යාවේදී ඉගැන්වේ. මාළුවකු ලබාදීමෙන් ඒ මොහොතේ කුසගින්න නිමා විය හැකිය. එහෙත් එය තාවකාලික පියවරකි. එම මිනිසාට අවශ්‍ය වන්නේ වේලෙන් වේලට අලුත්වන බඩගින්දරට කල් පවත්නා විසඳුමකි. බිලී පිත්තෙන් පිරවෙන්නේ එම අවශ්‍යතාවය ය.

‘අප දුප්පතකුව ඉපදීම අපගේ වරදක් නොවේ. එහෙත් අප මිය යන්නේ දුප්පතකු ලෙස නම් එය අපගේ වරදකි’ මේ ප්‍රකට කියමනකි. සැබැවින්ම දුප්පත්කම යනු සංවේගයට පත්වීමට හෝ සතුටුවීමට, ආඩම්බරවීමට හේතුවක් නොවේ. දුප්පත්කම මහා ශක්තියක් බවට පත් විය යුතුය. සකල අගති කුදලා දමන මහා ප්‍රවාහයක් බවට පත් කර ගත යුතුය. එහෙයින් දිළිඳු මිනිසාට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව අවස්ථාවය. දෙපයින් නැගී සිටීමට අවස්ථාව ලබාදෙන්නේ නම් ඒ ජනයා නැගී සිටිනු ඇත.

දිළිඳු පවුල් ලක්ෂයක් තෝරාගෙන එක් පවුලකින් එක් අයකුට වශයෙන් රැකියා ලක්ෂයක් ලබාදීමේ ව්‍යාපෘතිය වඩාත් වැදගත් වන්නේ ඒ අර්ථයෙනි. එමෙන්ම අවධාරණය කළ යුතු වඩාත් වැදගත් කාරණාවක් තිබේ. එනම්, රාජ්‍ය සේවක සංඛ්‍යාව මේ වනවිට අවශ්‍ය මට්ටමට වඩා වැඩි බව ය. එහෙත් නිර්මාණශීලීව සිතන්නේ නම්. රාජ්‍ය සේවයට එක්වන සෑම අයකුම ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කාරයකු බවට පත් කර ගත හැකි ය. දස ලක්ෂයකට රැකියා දීම දෙස අප බැලිය යුත්තේ එබඳු සුබවාදී ආකල්පයෙනි.

(***)



අදහස් (1)

දිළිඳු පවුල් නඟාසිටුවන ප්‍රයත්නය අගයමු

Wm gayan rangana gunasena Sunday, 06 September 2020 03:10 AM

සුදුසුකම් තියෙනවා. දුප්පත් අයට රැකියා දෙන ලැයිස්තුවේ නම ඇතුළත් වී නොමැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 0 0

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය



පෞද්ගලික අංශයේ පඩි වැඩි කරන පනත් කෙටුම්පත ලබන කැබිනට්ටුවට
2025 මැයි මස 01 21 0

පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමේ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.


‘ගම දිනවන ගමන හය අරඹනවා‘‘
2025 මැයි මස 01 6 0

කම්කරුවා ඇතුලු සමස්ථ ජනයා වෙනුවෙන් සුබ මොහොතින් සුබ නැකතින් ගම දිනවන රට දිනවන ගමේ ආණ්ඩුව ලබන හයවනදාට සමගි ජන බලවේගය මූළිකත්වයෙන් බිහිකරන බව එහි නායක ව


ජාජබ රැලියෙන් ගාලු මුවදොර රතු පැහැ ගැන්වෙයි
2025 මැයි මස 01 89 0

ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය කොළඹ ගාලු මුහුදට පිටියේදී මේ වනවිට අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි.


ඉන්දීය ගුවන් කලාපය වසා දැමේ
2025 මැයි මස 01 343 0

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහරෙයෙන් පසු, ඉන්දු පාකිස්තාන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, පාකිස්තාන ගුවන් යානා ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 348 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1115 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site