IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


දළදා දැක්ම රාත්‍රි කාලයටත්?

(ෂේන් සෙනෙවිරත්න)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම මහජනතාවගේ පහසුව තකා රාත්‍රී කාලයේදීද පවත්වන ලෙස රජයේ ඉහළ නිලධාරීන්ගෙන් යෝජනා වී ඇතත් ඒ සඳහා තේවාව භාර හිමිවරුන්ගේ අවසරය මෙතෙක් ලැබී නොමැති බව වාර්තාවේ.

අප්‍රේල් මස 18වැනි දිනසිට 27වැනි දින දක්වා දළදා දැක්ම පැවැත්වීමට නියමිත අතර වසර 16කට පසු උදාවන එම ස්වර්ණමය අවස්ථාවේදී පසුගිය වාර්තා ද සංසන්දනය කරමින් දළදා සමිඳුන් දැක වැඳ පුදා ගැනීම සඳහා බෞද්ධ බැතිමතුන් ලක්ෂ 22කට ආසන්න ප්‍රමාණයක් මහනුවරට එක් රොක් වනු ඇතැයි බලධාරීන් ගණන් බලා තිබේ.

එහෙත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අදහස වී ඇත්තේ දළදා දැක්මකදී දිනක් තුළදී වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාව හිමිවන්නේ බැතිමතුන් 60,000ක පිරිසකට ආසන්න ප්‍රමාණයකට බවයි.

කෙසේ හෝ දිනකට ලක්ෂයක බැතිමතුන් පිරිසකට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව ලැබුණත් ලක්ෂ 12ක ප්‍රමාණයකට වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව මගහැරී යන බැවින් රාත්‍රී කාලයේදී ද පෝලිම්වල බැතිමතුන් රැඳී සිටින හෙයින් රජයේ ඉහළ නිලධාරීන් රාත්‍රී කාලයේ දළදා දැක්ම පැවැත්වීම සඳහා යෝජනා ඉදිරිපත් කොට තිබේ. දළදා සමිඳුන්ගේ සවස තේවාවෙන් පසු එසේ දළදා දැක්ම පවත්වන්නැයි ඉල්ලා ඇත.

 



අදහස් (4)

දළදා දැක්ම රාත්‍රි කාලයටත්?

AB Friday, 07 March 2025 03:16 AM

ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම මහජනතාවගේ පහසුව තකා රාත්‍රී කාලයේ පැවැත්වීම සුදුසු නොවේ. ආරක්ෂාව. කාලගුණ තත්වයන්, අහාරපාන වෙනත් හේතුන් / ගමනාගමන පහසුකම් සහ බැතිමතුන් පැමිණෙනු ලබන්නේ ලංකවේ විවිද ප්‍රදේශ වලිනි. එමනිසා දැනට ලබාදී තිබෙනාවූ දින 10 කාලයක් උවත් සත්‍ය වශයෙන්ම එම දින 10 තුලදී පැයවසයෙන් ගතහොත් පැය 48 දට අඩු කාලයකි හෝ දින දෙකකට අඩු කාලයකි. එමනිසා අලුයම දළදා වහන්සේට කලයුතු පුජා වැඩසටහනින් පසු අලුයම 8 සිට (11.00am සිට 12.00pm පයක කාලය හැර ) ) සවස 6 දක්වා කාලය සුදුසුවේ. දළදා දැක්ම සදහා සහබගිවන බහුතරයක් බැතිමතුන් දුප්පත් පිරිස වේ. බැතිමතුනට දළදා දැක්මට දිනපතා සිදුවන් හෝ ලබෙනාවූ අවස්තවක් නොවන නිසාත් ලබදෙනාවූ අවස්ත්වෙන් බැතිමතුනට උපරිම අවස්ථවන් සලසා දීමට කටයුතු කලයුතු කිරීම අදාල අංශවල වගකීමක් මෙන්ම යුත්කමකි

:       21       15

Jayasekara Friday, 07 March 2025 09:24 AM

ඉතාමත් උචිත යෝජනාවක්... මඟ හැරෙන බැතිමතුන්ට... රාත්‍රී කාලයේ වන්දනා කරගෙන නිවෙස් වල යන්න පුළුවන්... නැත්තන් ආයෙත් දහවල් 12.30 වෙනකල් පෝලිම් වල රැදී සිටින්න වෙනවා... සංවිධායකයන්ට එය ලොකු අපහසුවක්... උතුම් වාම දළදා හිමි සරණයි... රටටම...

:       12       21

FMG Fernando Friday, 07 March 2025 10:05 AM

ක්‍රියාත්මක කිරීමට නියමිත විශිෂ්ට යෝජනාවක්. අදාළ බලධාරීන් එය ක්‍රියාත්මක කිරීමට විශාල උනන්දුවක් දැක්විය යුතුයි. උපරිම බැතිමතුන්ට නමස්කාර කිරීමට සහ ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට ආශිර්වාද ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.

:       11       2

රම්බොඩ Friday, 07 March 2025 11:11 AM

දළදා වහන්සේ ගේ ආරක්ෂාවත් , බැතිමතුන්ගේ ආරක්ෂාවත් ගැන මහා සංඝරත්නය සහ ගරු දියඩන නිළමේ තුමා ඇතුළු වගකිව යුතු පිරිස විශේෂ අවධානය යොමු කරනවා ඇතැයි සිතමි. මට මේ ආණ්ඩුව ගැන නම් ඒ තරම් විශ්වාසයක් නැත.

:       6       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 793 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2447 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site