IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


දළදා මාලිගාවේ නිළමවරයා වෙන්න 6 ක් තරගයට එති

(යොහාන් භාසුර)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමවරයා පත්කර ගැනීමේ ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව හයක් දක්වා ඉහළ ගොස් තිබේ.

වර්තමාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, දමින්ද බණ්ඩාර, ඒ. ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක, ගාමිණී කලුහෙන්දිවල, රොෂාන් පස්සරමුදලිගේ සහ මහාචාර්ය තිලක් සුභසිංහ යන මහත්වරු මෙම ඡන්දයට ඉදිරිපත් වීමට නියමිතය.

එම නිලවරණයට වර්තමාන දියවඩන නිලමේවරයා ඇතුළු හයදෙනෙකු ඉදිරිපත් වී සිටීම නිසා දැඩි තරගයක් නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් එම නිලවරණය අධීක්ෂණය සඳහා ආණ්ඩුව මැදිහත්විය යුතු බවත් සිවිල් සංවිධාන පවසයි.

ජනාධිපතිවරයා වෙනස්කර රටේ පාලනයේ වෙනසක් කළා සේම ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලනයේ වෙනසක් දකින්න නම් දියවඩන නිලමේවරයා වෙනස් කළ යුතු බවත් විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත මහතා පැවසීය.

සිවිල් බුද්ධි පෙරමුණ පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ සඳහන් කළේය. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කිරීමට පුද්ගලයකුට නිශ්චිත කාලයක් සීමා කරමින් වගන්තියක් ඇතුළත් කළ යුතු බවත් මෙරට දේශපාලන බලය වෙනස් වූ සේම බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ බඳු ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ද වෙනස් විය යුතු යැයි මෙරට ජනතාව විශ්වාස කරන බවත් ඒ මහතා පැවසීය.

වර්තමාන දියවඩන නිලමේවරයා වසර 20 කට ආසන්න කාලයක් එම තනතුරේ කටයුතු කරන බව කී සංජය මහවත්ත මහතා එළඹන දියවඩන නිලමේවරයා පත්කර ගැනීමේ ඡන්දයේදී මුදල් ද සැරිසරන බවට දැනගන්නට ලැබී ඇති බවද සඳහන් කළේය.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලේ සිට වර්තමාන දියවඩන නිර්මලවරයා කටයුතු කරන බව කී මහවත්ත මහතා පැවසුවේ වංචා දූෂණ නැති පුද්ගලයෙක් මේ තනතුරට පත් කරන ලෙස අස්ගිරි නායක හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

රටේ ඡන්දයක් තියේදී ඒ ගැන සොයා බලන්න ෆැපරල් කියලා සංවිධානයක් තිබුණත් දළදා මාලිගාවේ නිලමේවරයා පත්කිරීම නිරීක්ෂණය කිරීමට කිසිවෙකු නොමැති බවත් එම ඡන්දය අනිවාර්යයෙන්ම නිරීක්ෂණය කළ යුතු බවත් සංජය මහවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

දළදා මාලිගාවේ නිළමවරයා වෙන්න 6 ක් තරගයට එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 428 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 125 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 804 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site