IMG-LOGO

දෝහා මෙට්රෝ ව්‍යාපෘතියේ කිලෝ මීටර් 100 ක උමං වැඩ අවසන්

නගරය හරහා කිලෝ මීටර් 100 ක උමං ඉදිකිරීම් වැඩ අවසන් කොට සමස්ථ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 41 ක් අවසන් කරමින් තවත් වැදගත් සන්ධිස්ථානයකට ළඟාවීමට දෝහා මෙට්රෝ ව්‍යාපෘතියට හැකිවිය.


ඒ සමගම ව්‍යාපෘතියේ උමං කැනීමේ වැඩවලින් සියයට 90 ක් අවසන් වූ අතර පොළොව යටින් දිවෙන අංශය සම්පූර්ණ කිරීම සඳහා ඇත්තේ තවත් කිලෝ මීටර් 11 ක් බව කටාර් රේල් සමාගම පසුගියදා පැවැසීය.


රෙඞ් ලයින් මාර්ගයේ දකුණු අංශයේදී උමං හෑරීමේ යන්ත්‍රය සියවැනි කිලෝ මීටරයේ සීමාවට ළඟා විය.


දෝහා මෙට්රෝ වැඩසටහනේ දිගුම දුම්රිය මාර්ගය වන රෙඞ් ලයින් මාර්ගයේ උමං ඉදිකිරීම් කටයුතු ළඟදීම අවසන් කිරීමට නියමිතය.


මෙම වසර අවසන් වීමෙන් පසුව ඉදිකිරීම් කටයුතුවල සිට දුම්රිය මාර්ග, බලශක්ති සැපයුම සහ සංඥා සවිකිරීම වැනි පද්ධති ස්ථාපිත කිරීමේ කටයුතුවලට මාරු වීමට කටාර් රේල් සමාගම බලාපොරොත්තු වෙයි. එම අදියරේදී දෝහා මෙට්රෝ දුම්රිය නැවතුම්පොළවල ගෘහනිර්මාණ කටයුතු අවසන් කිරීමටද නියමිත බව ද සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වේ.


දෝහා මෙට්රෝ ව්‍යෘපෘතියේ පළමු අදියර 2020 වසරේදී අවසන් කිරීමට නියමිතය. එසේම 2030 වසර වන විට දෝහා මේට්රෝ, ලුසායිල් ට්‍රෑම් සහ කටාර් රාජ්‍යය ජීසීසී දුම්රිය පද්ධතිය සමග සම්බන්ධ කරන දිගු දුර දුම්රිය මාර්ගය යන ව්‍යාපෘති 3 ම නිම කිරීමට නියමිතය.


දෝහා මෙට්රෝ සහ ලුසායිල් ට්‍රෑම් යන ව්‍යාපෘතිවල පළමු අදියර නිම කිරීමෙන් පසුව 2021 වසර වන විට දිනකට මගීන් 630,000 කට පමණ ප්‍රවාහන සේවා සැපයීමට කටාර් රේල් සමාගම බලාපොරොත්තු වෙයි. එවිට මෙට්රෝ නැවැතුම්පොළ 37 ක වැඩ අවසන්වන අතර යාබද නැවැතුම්පොළවල් දෙකක් අතර දුම්රිය ධාවනයට ගතවන කාලය මිනිත්තු තුනකි.


කිලෝ මීටර් 100 ක උමං ඉදිකිරීමේ කටයුතු අවසන්වීම වෙනුවෙන් රෙඞ් ලයින් මාර්ගයේ අල්වාබ් දුම්රිය නැවැතුම්පොළේදී පැවැති උත්සවයට කටාර් රේල් සමාගමේ ප්‍රධාන විධායක ආචාර්ය ඉංජිනේරු සාද් අල් මුහන්නදි, ගෝල්ඞ් ලයින් ව්‍යාපෘති අධ්‍යක්ෂ සැමුවෙල් අඩායිර් මැචෙස්නි ඇතුළු කටාර් රේල් හි සේවකයන් රැසක්ම සහභාගි විය.



අදහස් (0)

දෝහා මෙට්රෝ ව්‍යාපෘතියේ කිලෝ මීටර් 100 ක උමං වැඩ අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 426 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site