
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුලසුනට පැමිණ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරවරු 11.00ට ඉදිරිපත් කිරීමට නියමිතය.
සමාරම්භක උත්සවයේ සියලු කටයුතු ඉතා චාම් අයුරින් කරන ලෙස රජයෙන් උපදෙස් ලැබී ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
මංගල සභා රැස්වීමේ පළමු කටයුත්ත වන්නේ කතානායකවරයා පත්කර ගැනීම බව පැවසූ හෙතෙම කතානායක ධුරයට නම් කිහිපයක් ඉදිරිපත් වුවහොත් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනු ඇතැයිද සඳහන් කළේය.
ඒ සඳහා ඡන්ද පත්‍රිකා රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කර ගෙනවිත් ඇති බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.
නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති පත්කිරීමේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහාද අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි චමින්ද කුලරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා සහභාගීවීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා පෙ.ව 9.00 පමණ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය දැනුම් දෙන්නීය
පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරයන්ගේ රථ පොලිස් නිලධාරීන් නියමිත රථගාලට යොමු කරන බවත් අනතුරුව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ගණපූර්ණ සීනුව නාද කරන තෙක් එහි රැදී සිටි යුතු බවත් පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ
මන්ත්‍රීවරුන් සිය කලත්‍රයා සමග පැමිණෙන්නේ නම් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රවේශ ද්වාරය අභයසදී සිය රථවාහනවලින් බැසිය යුතු බවත් අනෙකුත් සියලු මන්ත්‍රීවරුන්ද මන්ත්‍රී ප්‍රවේශ ද්වාරය අභියසදී සිය රථවලින් බැසිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දසවැනි පාර්ලිමේන්තුව හෙට
Loku Ayiya Thursday, 21 November 2024 08:30 AM
සියල්ල සාර්ථක වේවා !! මේ අවස්ථාව එනතුරු අපි නොඉවසිල්ලෙන් බලා සිටියා.