IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දිසාවට බලය බෙදනු

පළාත් සභා ක්‍රමයම එදා සිටම  මහජන එක්සත් පෙරමුණ  විරුද්ධව සිටින බවත්  එම ක්‍රමය අහෝසි  කර දිස්ත්‍රික්කය පදනම්  කරගෙන  බලය විමධ්‍යගත කිරීම ඉතා කාලෝචිත බවත් මහජන එක්සත් පෙරමුණ තීරණය කරයි.

 මහජන එක්සත් පෙරමුණේ නායක ඇමැති දිනේෂ් ගුණවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන්  තලවතුගොඩ පැවති  පක්ෂ මුලස්ථානයේදී පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන ආයතන මන්ත්‍රීහු  මේ තීරණයට එළැඹීය.

 දිස්ත්‍රික්කය පදනම් කොටගෙන බලය විමධ්‍යගත කිරිම තුළින්  සෑම ජාතියකටම  ආගමකටම  ජාතිමය හා භාෂාමය  අනන්‍යතාව රැකෙන අතර  සංවර්ධනටද ඉතා පහසුවන බව මෙහිදී තීරණය කොට ඇත.

 



අදහස් (0)

දිසාවට බලය බෙදනු

සුසිත් Thursday, 06 June 2013 11:29 PM

මොනවද දැන් ඔය බෙදන බලය? (නි)

:       0       0

මිනිපේ Thursday, 06 June 2013 11:33 PM

මන් හිතන්නේ..ඔය සම්බාහනය ඕනෑද එපාද කියලා, ජන මතයට යන්න හොඳ කලයි මේ. (නි)

:       0       0

සකුව Thursday, 06 June 2013 11:56 PM

අයියෝ සල්ලි

:       0       0

සුනිල් Friday, 07 June 2013 04:42 PM

මුළු ඕස්ට්‍රේලියා වලටම ඉන්නේ ඇමතිවරු 20 දෙන්නයි . (නි)

:       0       0

පෙරේරා Friday, 07 June 2013 11:41 AM

හැබැටම ඔය පලාත් සභාවලින් ඒවායේ ඉන්න අයට ඇරෙන්ඩ සාමාන්‍ය ජනතාවට සත පහකවත් වැඩක් වෙනවද? (නදී)

:       0       0

උපාලි Friday, 07 June 2013 04:36 AM

දිස්ත්‍රික් සභා කියල ජාතියක් අපිට තිබුනනේ. වැඩක් වුනාද? ඔය මොන සභාව හැදුවත්, අනේ අපේ සල්ලි! (නි)

:       0       0

මිලින්ද Friday, 07 June 2013 07:23 AM

මම නම් මොකුත් දන්නේ නැහැ මේ ගැන (දී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Thursday, 06 June 2013 06:54 PM

අපේ එක එක දේශපාලන පක්ෂවලට එක එක ජලභීතිකා හැදෙනවා වගේ. පලාත් සභාවට බලය දුන්නා කියනවා එක පක්ෂයක්. තවත් පක්ෂයක් මේ බලය උදුරාගත යුතුයි කියා කියනවා. දැන් තව පක්ෂයක් දිස්ත්‍රික්කයට බලය දෙමු කියනවා. අපි දන්නා තරමින් දීපු බලයකුත් නෑ. කරපු මගුලකුත් නෑ. නටපු තොයිලයකුත් නෑ. (නදී)

:       0       0

නසාර් Thursday, 06 June 2013 07:19 PM

මේ රටේ මිනිස්සු කරන්නෙම පිස්සු

:       0       0

අමිල-කටුනායක Thursday, 06 June 2013 07:28 PM

මෙයාලා කියන හැටියට බැලුවොත් මන්ත්‍රී සංඛ්‍යාව තව වැඩිවෙනවානේ.(නදී)

:       0       0

අමිළ-කටුනායක Thursday, 06 June 2013 07:30 PM

මේවා කිනිතුල්ලා පක්ෂ. කාගේ හරි ඇගේ එල්ලිලා තමයි බලයට එන්න හදන්නේ.(නදී)

:       0       0

අසේල Thursday, 06 June 2013 07:36 PM

මෙයාටනම් දැන් පිස්සු තද වෙලා. සර්ව ආගමික සර්ව ජාතික එන්නතක් වත් විදගෙනද කොහිද?(නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 06 June 2013 07:46 PM

පිස්සු කතා කිය කිය ඉන්නව අරහෙ පල්ලි කඩනව සෑමට සුභ අනාගතයක් වේවා!(නදී)

:       0       0

හේරත් Friday, 07 June 2013 01:39 PM

හෝව් පොඩ්ඩක්. බලන්න ඇඳුම් අන්දලාද ඉන්නේ කියලා. අනේ අපේ බොරලුගොඩ සිංහයා නැගිට්ටෝත් මේ ඔක්කොම කනවා. නොමරම.(නදී)

:       0       0

සිරිපාල Thursday, 06 June 2013 08:06 PM

එලියෙදි මොනව හරි කියල මිනිස්සු රවටනවා ලොක්ක ලඟදි අනේ බලුකුක්කා වගේ කීකරුව කකුල් ලෙවකනවා.(නදී)

:       0       0

නීල් Thursday, 06 June 2013 08:14 PM

හැම දේශපාලකයම හදන්නේ එක එක විදිහේ ශිල්ප දක්වලා බලය විමධ්‍යගත කරන්න. නමුත් මේ සෙල්ලම් කරන්නේ මේරටේ නීත්‍යානුකුල පාරම්පරික රජතුමාගෙන් කොල්ලකාගත් ඉඩම් හා දේශපාලන බලය වග අමතක නොකලොත් හොඳයි.(අ)

:       0       0

සදුනි Thursday, 06 June 2013 08:32 PM

පළාත් සබා වෙනුවට දිස්ත්‍රික් ක්‍රමයට බලය බෙදාහරින්න යෝජනාවක් තියෙනවා. කෙනෙක්ට තර්ක කරන්න පුලුවන්... දිස්ත්‍රික් ක්‍රමය මගින් වඩාත් පුළුල් විදියට බලය බෙදනවා කියලා. ඒත් මේකට සමහරු කැමති වෙන එකක් නැහැ. (නි)

:       0       0

සහිහාර් ඩේවුඩ් Thursday, 06 June 2013 09:07 PM

මේ අයට මොනවා වෙලාද

:       0       0

රෝසි Friday, 07 June 2013 02:54 PM

දැන් පළාත් නවයක් අපිව කනවා එක 21 උනහම බදු 50% වත් දාන්න ඕනා.(නදී)

:       0       0

හේරත් Thursday, 06 June 2013 09:42 PM

පළාත් සභාව හා දිසා සභාවේ වෙනස මොකක්ද? ලංගම මගම කොළ මගම නිල මගම. අම්ම්මප මගේ කට මේ පුංචි ලංකාව කැලි කොරන්න තියෙන ඕනේ කමක මහත. මොලේ වාඩිවෙන කොට තෙරපෙනවා වගේ දැනෙනවාද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site