රජරට විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු මිහින්තලේ මහකනදරාව ගොවි ජනපදයෙන් අවුරුදු 15කට පෙර ඉඩම් ආඥාපනතට පටහැනිව ලබාගෙන ඇතැයි කියන ඉඩම් ඔප්පු දෙකක් අවලංගු කළ හැක්කේ කෙසේ දැයි මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම්වරයා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගෙන් උපදෙස් ගැනීමට යයි. ගොවියන්ට බෙදීම සඳහා වන ඉඩම් අක්කර හත හමාරක් එසේ ලබාගෙන ඇත. ප‍්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා මේ උපදෙස් ගැනීමට තීරණය කර ඇත්තේ අදාල ඉඩම් ඔප්පු දෙක අවලංගු කරන ලෙස ඉල්ලා ඒවා ආපසු එවීමෙන් පසුවයි. මෙම ඉඩම් ඔප්පු හිටපු උප කුලපතිවරයා ලබාගෙන ඇත්තේ සුරන්ජලා විජේරත්න නමැති සිය දියණියක හා නීල් හේමන්ත නමැති ඥාතිවරයකු නමින් යැයි ප‍්‍රාදේශීය ලේකම්වරයාගෙන් අප කළ විමසීමකදී පැවැසීය. මෙම ඔප්පු අවලංගු කිරීමේ බලයක් තමාට නැතැයි ප‍්‍රාදේශීය ලේකම් ඒකනායක මහතා සඳහන් කරයි. ඒ අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් ඉල්ලා ඇති බව ඔහු කීය. අනුරාධපුර දිසාපති හා පළාත් ඉඩම් කොමසාරිස් (උතුරු මැද) වෙත එම ලිපියේ පිටපත් යොමුකර ඇත.
2025 දෙසැම්බර් මස 18
275
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිසාපාමොක් හොරට රජයේ ඉඩම් අරන්
ප්‍රසන්ත ධම්මික Thursday, 17 May 2012 11:17 PM
මඩ ගා ගත් කල උපකුලපති වරයා ගොවි කමටද සුදුසුය.....
අමිල Thursday, 17 May 2012 04:43 PM
අවුරුදු 15ක් තිස්සේ නිලධාරීන් නිදා ගෙනද හිටියේ
රජිත් Thursday, 17 May 2012 04:54 PM
කොච්චර දිය යටට දාලා පාගාගෙන උණ්නත් රබර් බෝලේ අත ඇරපු ගමන් උඩට එනවා කියලා අහලා නැද්ද
භාග්‍යා Thursday, 17 May 2012 06:25 PM
මෙන්න තවත් ආචාර්ය වරයෙක්