(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
තමන් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඒ සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල්ලා දොස්තර ෂාෆි ෂිහාබ්දීන් මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
පෙත්සම්කාර වෛද්‍යවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයට සති දෙකක් ඉකුත් වීමෙන් පසුව බවත් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අසමත් කෝටි 40 ක වත්කම් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත් අඩංගුවට ගැනීම සාධාරණ බවත් ඒ අවස්ථාවේදී ඔහුව අත් අඩංගුවට ගැනීමට සාධාරණ හේතුවක් තිබූ බැවින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප්‍රකාශ කළේය.
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නම් කරනු ලැබ ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දොස්තර ෂාෆිගේ පෙත්සම විසි කරයි
fairoos Tuesday, 16 May 2023 03:47 PM
එතකොට වඳ සැත්කම් කරන්ට නෙවෙයිද?
පිටිගල මිලානෝ Tuesday, 16 May 2023 05:22 PM
දොස්තර ෂාෆිගෙන් රට බේරාගන්න ආපු විරුවා යටඇදුමත් අමතක කරගෙන පණබයේ දුවපු දිවිල්ලක්….