IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


දොස්තර රිමාන්ඩ්

රූපලාවන්‍ය ප්‍රතිකාරයට ගිය වෛද්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරි රූපලාවන්‍යාගාරයේ දොස්තර නිමල් ගමගේ කොළඹ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

 



අදහස් (0)

දොස්තර රිමාන්ඩ්

සත්‍යයා Wednesday, 13 August 2014 01:59 PM

පවතින සමාජ ක්‍රමය විසින් මිනිසුනට උරුම කර දී ඇති සාර ධර්ම වලට අනුව කවුරු කවුරුත් පොර කන්නේ ඇතුලත අලංකාර කර ගන්න නොව පිට පොත්ත ලස්සන කර ගන්න. අන්තිමේදී ඒ වට වන්දි ගෙවන්නේ අමාරුවෙන් ලබා ගත්ත මනුෂ්‍ය ජීවිත. අහෝ ඛේදයකි! (අ)

:       0       0

තිලකා Thursday, 14 August 2014 05:14 AM

මේ දොස්තරවරයා ඌන සුදුසුකම් ඇති කෙනෙක් බව දැන් හෙළිවෙන බව මාද්‍ය වලින් පල වෙනවා. මොහු රුපවාහිනි නාලිකාවක ද පෙනී සිටියා. මේ වැඩසටහන් සෑම නාලිකාවකම වාගේ උදේට දකින්න පුළුවන්. මේවා බලන අපේ කාන්තාවෝ ඒවා ඔස්සේ යමින් කරදරයේ වැටෙනවා. මිට කලින්ද ෆේෂල් කිරීමකදී කාන්තාවක් මිය ගියා. මේ දෙවැනි එක. ලංකාවේ රුපවාහිනිය ප්‍රබල මාද්‍යයක් නිසා මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට පෙර ඒවාට ඉදිරිපත්වන අයගේ සදුසුකම් සහ අලෙවි කරන දේ ගැන එම්.ඕ.එච් වරයාගේ සහතිකය ඇත්දැයි පරික්ෂා කිරීමෙන් වැඩසටහන් ප්‍රචාරය කරවීමට මානව සම්පත් අමාත්‍යංශය හෝ අදාළ බලධාරීන් කටයුතු කිරීම කාලෝචිතය. නැතිනම් තව තවත් මෙවැනි ඛේදවාචක අසන්නට ලැබේවි. ඒ වගේම වැඩසටහන ලස්සන කරන්නට කරුණු හොයනවාට වඩා වගකීමෙන් කටයුතු කිරීම රුපවාහිනි නාලිකාවල වගකීමද වේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 14 August 2014 05:18 AM

නීතිය මොන විදියට තිබුනත් කාන්තාවන් ලස්සන වෙන්න හදන එක නවත්වන්න නීතියට අමාරුයි. (නි)

:       0       0

පද්මිණි Thursday, 14 August 2014 05:19 AM

මෙතන දෙන්නම දොස්තරලානේ. ආවට ගියාට වැරදීමක් වෙන්න බැහැ. බෙහෙතේ ප්‍රමිතිය නැහැ හෝ කල්ඉකුත් වූ ඒවා වෙන්න ඇති. රජය මේවා සොයා බලනතුරු මේ ඛේදවාචකයන් නවතින්නේ නැහැ. (නි)

:       0       0

බන්දුල Wednesday, 13 August 2014 02:37 PM

සත්‍යා කියන මහත්තයාට මොනවාහරි විෂ දෙයක් කැවිලා වගෙයි (නි)

:       0       0

ගමගේ Wednesday, 13 August 2014 02:40 PM

දැනට වසර 30 කට විතර පෙර මෙහෙම සැලුන් මුකුත් තිබුනේ නැහැනේ. අපේ අම්මලා ඔය කියන ජාති මුකුත් නැතුව මුහුණ බොහොම ලස්සනට පිරිසුදුව සෝදලා තියාගෙන හිටියා.සමහර අම්මලා හොඳට තිබෙන මුහුණ මොනවාහරි ජරාවක් උලාගෙන අසාත්මික වෙලා එළියට බහින්න බැරුව ඉන්නවා (නි)

:       0       0

සමන් Wednesday, 13 August 2014 02:45 PM

ක්‍රමයක් ස්ථිර වැඩපිළිවෙලක් නැති මේ වගේ වැඩ නිසා රටේ සල්ලි නාස්ති වෙනවා පමණයි. කෙරෙන කිසිම දෙයක් නැහැ. කකුලේ බරවා, බෙහෙත බඳින්නේ බෙල්ලට. (නි)

:       0       0

රංජිත් සිල්වා Thursday, 14 August 2014 05:48 AM

අනිත් අයට උන ගැනෙන්න මෙයාට බෙහෙත් දෙන්න ඕනේ. (නදී)

:       0       0

සේරම් පැරිස් Wednesday, 13 August 2014 04:03 PM

වරදක් කළා නම් දඬුවම් ලබාදිය යුතුය. පළමුව දොස්තරගේ උපාධි සහතික බලා ,මොහු සැබෑ දොස්තර කෙනෙක්ද , හොර දොස්තර කෙනෙක්ද යන්න දැනගත යුතුය. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 13 August 2014 04:29 PM

දැන් දවස් හයක් රිමාන්ඩ් එකේ තිබ්බහම මේ දොස්තර මහත්තයාට කට්ටිය සැත්කම් කීයක් කරයිද දන්නේ නැහැ.කට්ටිය දොස්තර මහත්තයාව හොඳට ලස්සන කරලා ගනීවි.මම කලිනුත් කිව්වා වගේ අපේ දෛවය පෙරළෙන පැත්ත ගැන අනාවැකි කියන්න බැහැ (නි)

:       0       0

ලක්විදු Wednesday, 13 August 2014 04:53 PM

ලංකාවේ වැඩිහරියක් ආයුර්වේද සහ දේශීය වෛද්‍යවරුන් ලෙඩුන්ට දෙන්නේ ඉංග්‍රීසි බෙහෙත්. දැන්වත් රජය පියවරක් ගතයුතුයි. (නි)

:       0       0

මුදියන්සේ තෙන්නකෝන් Wednesday, 13 August 2014 04:53 PM

හැබැයි ඉතින් ලොකු දේශපාලුවෙකුගේ නෑයෙක් හරි පුතෙක් හරි වුණා නම් තත්ත්වය වෙනස් වෙන්නත් තිබුණා (නි)

:       0       0

චිත්‍රා Wednesday, 13 August 2014 05:35 PM

එන්නත කල් පැනපු එකක්ද ? එසේ නැතුව දොස්තර වැරදි එන්නතක් විද්දාද? දොස්තර මේවා ගැන දැනුම තිබෙන කෙනෙක්ද ? මේවා සොයාබලා නිසි දඬුවම් ලබා දෙන්න. වෙනත් අයටත් පාඩමක් වෙයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 13 August 2014 08:44 PM

නීතිය වල්වැදුන රටේ මෙවන් අවාසනාවන්ත සිදුවීම් නැවතත් අපට අසන්නට දකින්නට ලැබෙනු ඇත ! (නි)

:       0       0

අබේසිංහ Thursday, 14 August 2014 01:53 AM

මේ දොස්තරට සුදුසුකම් ඇද්දැයි කියා පරීක්ෂා කළයුතුයි (නි)

:       0       0

ලුම්බිණි Thursday, 14 August 2014 02:36 AM

සුදුසු කම් නැති දොස්තරලා දැන් හැම තැනම. (නදී)

:       0       0

තිලකා Thursday, 14 August 2014 03:45 AM

මේ කියන වෛද්‍යවරයා මිට කලින් රූපවාහිනි නාලිකාවක පෙනී සිටිමින් තම කටයුතු ගැන කතා කළ බවක් මට මතකයි. එම වැඩසටහන් ප්‍රචාරය වීමේදී මහජනයා ඒවා කෙරෙහි විශ්වාසයෙන් යුතුව ඒවායේ සේවය ලබා ගන්නට පෙළඹෙනවා. මෙම වැඩසටහන් ප්‍රචාරය කළ පසු "විපරම් කිරීමේ ක්‍රමයක්" ලංකාවේ නැතිවීම කනගාටුදායක කරුණක්. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය දැන් මේ ගැන පරික්ෂා කරමින් එම වෛද්‍යවරයාගේ සුදුසුකම් වල ඇති ඌනතා සහ කුඩා කාමරයක පවත්වාගෙන යාම වැරදි බව ආදී කරුණු ඉදිරිපත් කෙරුවත් රූපවාහිනියෙන් ප්‍රචාරය වූ පසු සොයා නො බැලීම අඩුපාඩුවක් ලෙස මම දකිමි. එසේ සොයා බැලීමට ක්‍රමවේදයක් හෝ නීතියක් නැති නම් කරන්නට දෙයකුත් නැහැ. මෙහිදී ජපානයේ වූ සිදුවීමක් මට සිහිවෙනවා. කිසියම් රුපලාවන්‍ය මුහුණු ආලේපනයක් රූපවාහිනියෙන් වෙළඳ දැන්විමක් වශයෙන් ප්‍රචාරය කොට එක පවුලේ සහෝදරියන් දෙදෙනෙකු එය පාවිච්චි කොට ඔවුන්ගේ මුහුණේ සම විකෘති වීම නිසා ඔවුන් දෙදෙනා රුපවාහිනි නාලිකාවට විරුද්ධව නඩු පවරන ලදී. නඩු විභාගයේදී තීන්දුව වුයේ " විමසීමකින් තොරව දැන්වීම පල කිරීම නිසා" යන කරුණ යටතේ එම සහෝදරියන් වෙත අති විශාල වන්දියක් ගෙවීමට රුපවාහිනී නාලිකාවට සිදු කිරීමයි, එතැන් පටන් ජපානයේ රුපවාහිනි නාලිකා කිසිවක් මිනිස් සිරුරුට බලපාන කිසියම් වෙළඳ භාණ්ඩයක් ගැන ප්‍රචාරය කිරීමේදී රසපරීක්ෂක සහ වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැතිව භාර ගන්නේ නැත. අපේ රටෙත් එවැනි නීතියක් ගෙන එන්නට කාලය මෙය බව මම සිතමි. මෙම ක්ෂේස්ත්‍රයේම මේ වනවිට කාන්තා මරණ දෙකක් ගැන වාර්තා වී තිබෙනවා නේද.? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 1274 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 1161 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 105 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ
2025 මැයි මස 13 1122 0

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි


පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්
2025 මැයි මස 13 1551 0

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්


හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 3330 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1233 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1515 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 392 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site