IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දොස්තරගෙ ගෙදර ටැංකියට වස දාලා

සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණගේ නිල නිවසේ ජල ටැංකියට එම්.සී.පී.ඒ නම් වල් නාශකය මුසුවී ඇතැයි රජයේ රස පරීක්ෂක ඇඹිලිපිටිය උසාවියට වාර්තා කර ඇත. එහෙත් රෝහලේ ටැංකියේ ජලයට කිසිවක් මුසුවී නැතැයි රසපරීක්ෂක කියයි. වස දැමී යයි සැකපිට රෝහල් සේවක එස්.ඩී නිමල් රංජිත් ද, ඔහුට ඒ සඳහා උදව් කළැයි කියන දොස්තර ජී.පී.එම් චන්දන ද බ්‍රහස්පතින්දා වනතුරු රිමාන්ඩ් කරනු ලැබ සිටිති. 2-මීතයිල්-4- ක්ලෝරෝෆෙනොක්සි ඇසිටික් ඇසිඩ් නම් මෙම වල් නාශකය ජලයේ පහසුවෙන් දියවේ. එය ඇමෙරිකාවේ පාවිච්චිය සීමා කර ඇත. පිළිකා පර්යේෂණ පිළිබඳ අන්තර්ජාතික ඒජන්සිය පවසනුයේ මෙම වල් නාශකයේ පිළිකා කාරක රසායන ඇති බවයි. ශරීරයට ඇතුළුවන වස මළ සමග දින පහකින් මුළුමනින්ම ඉවත්වී යන බව ද, එහෙත් ඇස් හා සමේ දැවිල්ල, යටිබඩේ වේදනාව, ඕක්කාරය, වමනය, ඇඟ දුර්වලවීම හා සිහිය නැති වීම රෝග ලක්ෂණ අතර වේ. ගැබිනි මව්වරුන් එම්.සී.පී.ඒ රසායනයට නිරාවරණය නොවිය යුතුයැයි රසායන විද්‍යාඥයෝ පවසති.



අදහස් (0)

දොස්තරගෙ ගෙදර ටැංකියට වස දාලා

විමල් බණ්ඩාර Wednesday, 22 February 2012 11:55 PM

නීතියෙන් බේරුණත් ලෝක ධර්මයෙන් ඔය දොස්තරට දඩුවම් ලැබේයි..

:       0       0

හේගොඩ Thursday, 23 February 2012 01:08 AM

මේ වගේ අයට නීතියෙන් හොද දඩුවම් දෙන්න ඔන්න..

:       0       0

Yoonus alavi Thursday, 23 February 2012 08:02 AM

දැන් තියෙන්නේ දොස්තර බිස්නස් එකනේ..තරගකාරී දොස්තර බිස්නස් එකේ දී මේවා බලාපොරොත්තු වෙන්න සිද්ද වෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2387 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site