(රෝෂන් තුෂාර)
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ දුරකථන චීපයක් සොරාගෙන එහි තිබූ නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් කප්පම් ඉල්ලා සිටි ඇහැලියගොඩ තරුණයෙකුට වසර පහකට අත්හිටවූ වසරක සිර දඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු තිළිණ ගමගේ මහතා නියම කළේය.
අදාල චෝදනාවන්ට වරද පිළිගන්නා බවට සැකකාර තරුණයා විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම දඬුවම නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් තුන්දහසක දඩයක්ද නියම කළේය.
ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා රහස් පොලිසියේ පරිගණක විශේෂ විමර්ශන ඒකකය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පැමිණිලිකාර වෛද්‍යවරයා ගේ සහායිකාව මාර්ගයෙන් වෛද්‍යවරයාගේ දුරකථන දත්ත ඇතුළත් චීපයක් සොරා ගෙන ඇති සැකකරු එම චීපයේ තිබූ ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට වෛද්‍යවරයාට දුරකථනයෙන් කතා කොට කප්පම් ඉල්ලා ඇති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
සැකකරුට චෝදනා දෙකක් ඉදිරිපත් කොට තිබූ අතර අදාල චෝදනාවන්ට මුල් අවස්ථාවේම වරද පිළිගැනීම හේතුවෙන් මෙම මාස හය බැගින් වූ ලිහිල් දඬුවම නියම කර එය අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි
මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දොස්තරගෙන් කප්පම් ඉල්ලූ තරුණයාට වසර 5කට අත්හිටවූ වසරක සිර දඬුවමක්
ඇහැලියගොඩ Friday, 20 December 2024 08:04 PM
ඇහැලියගොඩ කිව්වට මොන ප්‍රදේශයේ කෙනෙක්ද කිව්වා නම් අනෙකුත් අයගේ ප්‍රවේශමටත් හොඳයි නේද?
sam Saturday, 21 December 2024 04:08 AM
අපරාදේ අවුරුද්දක් වත් හිරේ අරින්න තිබුණේ... එතකොට එහෙදී ඔබට දඬුවම් ලැබෙනවා.
Bunny Preena Saturday, 21 December 2024 09:58 AM
වෛද්‍යවරුන්ගේ සහායිකාව මෙම කරනවාට නොදන්න පාට් එකෙන් සහයෝගයක් දීලා ඇති කිසියම් ගාණක් කඩාගන්න බලාගෙන.