
(මොහොමඩ් ආසික්)
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 34 කට අද (19) පස්වරුව දක්වා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව,කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනයද, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ,නෙළුව සහ යක්කලමුල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ
. කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට,දොඩංගොඩ, පාලින්දනුවර,සහ අගලවත්ත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද , මතුගම සහ හොරණ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර ඇති අතර බුලත්සිංහල සහ ඉංගිරිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා තෙවන මට්ටමේ රතු නිවේදනයද නිකුත් කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, අරණායක සහ කෑගල්ල යන ප්‍රාදේශය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද,දෙහිඕවිට, වරකාපොළ,යටියන්තොට, දැරණියගල,බුලත්කොහුපිටිය සහ රුවන්වැල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනය සහ පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ. නුවරඑළිය දිස්‍ර්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේහිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද, රත්නපුර, නිවිතිගල, කිරිඇල්ල,අයගම සහ කුරුවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද, කලවාන, ඇහැලියගොඩ සහ ඇලපාත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා තෙවන මට්ටමේ රතු නිවේදනයද නිකුත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිස්ත්‍රික් හතකට නාය අනතුරු ඇඟවීම්