IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දිස්ත්‍රික් තුනකට නාය යාමේ රතු නිවේදන

(මොහොමඩ් ආසික්)

දිවයිනේ  බොහෝ ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස 13 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (02 )  රතු නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශිය ලේකම් ‍කොට්ඨාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම බුලත්සිංහල, පාලින්දනුවර,සහ ඉංගිරිය යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර,කුරුවිට,අයගම,ඇලපාත,කිරිඇල්ල,නිවිතිගල, කලවාන, සහ ඇහැලියගොඩ යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහා තුන් වන මටට්මේ රතු නිවේදන නිකුත් කර තිබේ.

එයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල,කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ හොරණ, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල සහ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ  පිටබැද්දර, මුලටියන සහ කොටපොළ,නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ කොත්මලේ,රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ යන ප්‍රාදේශියලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ  නිවේදනයද නිකුත් කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නාගොඩ,ඇලපිටිය, නියාගම, සහ නෙළුව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන, කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ සහ අගලවත්ත,මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය, ගඟවට කෝරළය, යටිනුවර, උඩුනුවර,ගඟ ඉහළ කෝරළය,

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල,මාවනැල්ල, අරණායක, බුලත්කොහුපිටිය, වරකාපොළ සහ ගලිගමුව , කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදිගම සහ මාවතගම,මාතර දිස්ත්‍රික්කයේ පසගොඩ  සහ අකුරැස්ස, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නාය යෑමේ  නිවේදනයද නිකුත් කර තිබේ.

මෙම නාය යැමේ නිවේදනය හෙට 03  වනදා අලුයම දක්වා බල පැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  පවසයි.

 



අදහස් (0)

දිස්ත්‍රික් තුනකට නාය යාමේ රතු නිවේදන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 503 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site