IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දිස්ත්‍රික්ක නවයකට නාය යාමේ අනතුරු ඇඟවීම්

(මොහොමඩ් ආසික්)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 50 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (21) සවස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල,බදුල්ල,හපුතලේ  හාලි ඇල සහ ඇල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනයද සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මටට්මේ නිවේදනයද නිකුත් කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සහ  ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍ර දේශීය ලේකම් කොට්ඨාසය,කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, හොරණ,දොඩංගොඩ,අගලවත්ත,ඉංගිරිය, පාලින්දනුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද, මතුගම සහ බුලත්සිංහල ප්‍රාෙදේශිය ලේකම් කොට්ඨාස සදහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර,උඩපළාත,ගඟ ඉහළ කෝරළය, උඩදුම්බර, යටිනුවර,පස්බාගේ කෝරළය, සහ මහනුවර  කඩවත් සතර ගඟවට කෝරළය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහාත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, ගලිගමුව,කෑගල්ල, වරකාපොළ, යටියන්තොට, රුවන්වැල්ල,මාවනැල්ල, බුලත්කොහුපිටිය සහ දෙහිඕවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහාත් පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙළ නාරම්මල සහ අලව්ව  යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, බලංගොඩ, ඕපනායක, නිවිතිගල,කහවත්ත සහ ඉඹුල්පේ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කුරුවිට, කලවාන, අයගම, රත්නපුර,ඇලපාත, කිරිඇල්ල, සහ ඇහැළියගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙනව මට්ටමේ නිවේදනයද  නිකුත් කර තිබේ .

අද 21 වනදා සවස නිකුත් කර ඇති මෙම මෙම නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය හෙට 22 වනදා පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.



අදහස් (0)

දිස්ත්‍රික්ක නවයකට නාය යාමේ අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site