IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


දස්කොන් ටෙලිනාට්‍යය සුර ගුණේ වූ රුවන් පෙරේරා

2016-06-24-ent-158

දස්කොන් ටෙලිනාට්‍යය මාස ගණනාවක් පුරා රූපගත කිරීම් සිදු කර අවසාන රූපගත කිරීම් සිදු කෙරෙමින් තිබිණි. සියලූ වැඩ දමා එහි ‘‘සුර ගුණේගේ’’ චරිතයට පණ දෙමින් සිටි රුවන් පෙරේරාට රූපගත කිරීම් අවසානයේ දී දස්කොන් නිර්මාතෘ ජැක්සන් ඇන්තනි අපූරු චරිත සහතිකයක් ලබා දුන්නේය.

 

‘‘පුතා උඹ මේකේ සම්මානයට පාත‍්‍ර වන මට්ටමේ අපූරු රංගනයක් කළා. මේ රඟපෑම කවදාහරි ඇගයීමට ලක්වේවි.’’

 

2016-06-24-ent-156රුවන් ‘‘සුරගුණේ’’ට ජීවය දුන් අපූර්වතාව පිළිබඳව රුවන් තුළම විශ්වාසයක් ගොඩනැගීමට ජැක්සන් ඇන්තනීගේ එම ප‍්‍රකාශය සමත් විය. සම්මානයක් පිළිබඳ බලාපොරොත්තුවක් රුවන්ගේ සිතේ එවලේ පිළිසිඳ නොගත්තත් එදා රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නැගී එන නළුවා ලෙස නිර්දේශ වූ මොහොතේ සම්මානයක් පිළිබඳ හැඟීමක් රුවන්ගේ සිතට නොදැනුනා නොවේ. කෙසේ හෝ පසුගියදා නිමා වුණු රයිගම් ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම නැගී එන නළුවාට හිමි සම්මානය ජැක්සන් අනුමාන කළ පරිද්දෙන්ම රුවන්ට හිමි විය. රත්නපුරයෙන් කොළඹ කලා කෙත සොයා ගත් රුවන් පෙරේරා, සම්මානනීය වී සිටින මේ මොහොතේ ‘‘සඳැල්ල’’ හා දොඩමළු වූයේ මෙසේය.

ඔබ මෙගා නාට්‍ය ගණනාවකින් අපව පසුගිය කාලේ හමුවුණා. ඒත් ‘‘දස්කොන්’’ සුරගුණේ චරිතයෙන් ද බහුතර පේ‍්‍රක්ෂකයන් අතරට ගියේ. ජැක්සන් ඇන්තනී නිර්මාණවේදියා හඳුනා ගැනීමෙන් පසු ඔහුගේ සහායකයා ලෙස වැඩ කිරීමේ අවස්ථාව ලැබුණා. ‘‘අබා’’ චිත‍්‍රපටය කරපු කාලේ තමයි ජැක්සන් සර් සහ මම අතර විශාල අවබෝධයක් ඇති වුණේ. ඉන් පස්සේ සුරගුණේ චරිතයට මාව තෝරා ගත් බව පැවසීමෙන් පසු මමත් ඒ චරිතය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. කොණ්ඬේ වැව්වා, රැුවුල වැව්වා. නියපොතු වැව්වා, කොටින්ම බුලත්විට කන්නත් පුරුදු වුණා.

 

සුරගුණේට බාහිරව සූදානම් වූ හැටි ඔබ පැවසුවා. ඒ සඳහා අභ්‍යන්තරව සූදානම් වුණේ කොහොමද?

පිටපත ලැබුණු විගස ඒ පිළිබඳ කියවමින් අවබෝධයක් ලබා ගත්තා. සුරගුණේ කියන්නේ තමන්ගේ ස්වාමියා වෙනුවෙන් ජීවිතය කැප කරන්න වුණත් සූදානමින් සිටින කෙනෙක්. ඒ වගේම තමන්ගේ අරමුණ කරා ශක්තිමත්ව ගමන් කරන කෙනෙක්.

නාට්‍ය රූපගත කිරීම් කරන්න කලින් ජැක්සන් සර් මම දෙබස් උච්චාරණය කරන විදිය ගැන බැලූවා. මුහුණේ හැඟීම් ගැන සැලකිලිමත් වුණා. ජැක්සන් සර් අවශ්‍ය දර්ශනය තිතටම හදලා තමයි ටේක් එකට ගියේ. දස්කොන් තිර පිටපත බැලූවාම එහි දෙබස් අමාරුයි කියලා හොඳටම වැටහෙනවා. ඒ නිසා මම ඒවා ගෙදරදි හයියෙන් කණ්ණාඩිය දිහා බලාගෙන කියෙව්වා. ඒ නිසා රූපගත කිරීම්වලදී මට අපහසුවක් වුණේ නැහැ. දර්ශන තලයේදීත් සමහර වෙලාවට අලූත් දෙබස් ලියා දුන්නු අවස්ථා තිබුණා. ඒ වෙලාවට ජැක්සන් සර් කිව්වා, රුවන්ට මේවා පාඩම් කරන්න පුළුවන්නේ කියලා.

ජැක්සන් ‘‘සුරගුණේට’’ සම්මාන ලැබෙන බව අනුමාන කළත් ඔබ සම්මානයට නිර්දේශ වන්නේ ජැක්සන්ගේ පුතා සමගයි.

ජැක්සන් සර් කිව්වේ මට සම්මානයක් ලැබුණොත් එහි ගෞරවය ලැබෙන්නේ ජැක්සන් සර්ට කියලා. මම නැගී එන නළුවාට නිර්දේශ වී සිටින්නේ අකිල හා හේමාල් එක්ක කියලා මම දැන ගත්තේ නිර්දේශිත නාම ප‍්‍රකාශයට පත් කරපු දවසේ. ඒ දෙන්නා කියන්නේ සිනමා ක්‍ෂේත‍්‍රයේ තරු දෙකක්. අකිල කියන්නේ මගේ ගුරුතුමාගේ පුතා. අකිල මුලදීම මට කිව්වා මේක ඔයාට හම්බ වෙන්න ඕන සම්මානයක් කියලා. කොහොම නමුත් හිතේ තිගැස්මක් මට තිබුණා.

 

සම්මානයේ බර හොඳට දැනෙනවා ද?

ඇත්තටම ඔව්. ගොඩාක් දැනෙනවා. මම සම්මානය ගන්න තැන ඉඳන් මම ඒක අරගෙන ආපහු ඒක අරගෙන පල්ලෙහාට බහිනකම් මං බැස්සේ කොහොමද කියලා මට මතක නැහැ. මං සම්මානය ගත්තේ කුමාර වෙල්ගම මන්ත‍්‍රීතුමාගෙන් කියලා ඇත්තටම සම්මානය අරන් තත්පර කීපයකින් තමයි මම යථා තත්ත්වයට ආවේ.

රුවන් අපිට වැඩිපුරම හමුවුණේ මෙගා ලේබලය වැදුණු නිර්මාණවලින්. ඉදිරියටත් දස්කොන් වගේ හොඳ නිර්මාණවලින් ද අපි හමුවන්න හිතන් ඉන්නේ.

ඇත්තටම මම කැමතියි දිගටම හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න. මම ජීවිතය ලස්සනයි, රුවන් මාලිගා, සඳ පිණි බිඳක, සඳ එළිය, රෝස කටු, කුටු කුටු මාමා, සුජාතා, බිනර මලී, දියණියෝ වැනි ටෙලිනාට්‍ය ගණනාවක චරිත නිරූපණය කළා. මම මෙගා නිර්මාණවලට සම්බන්ධ වුණේ රඟපෑමට තිබෙන ආශාව නිසා. පේ‍්‍රක්ෂකයා සතුටු කරන්න දෙයක් කරන්න ලැබුණොත් මෙගා ද ප‍්‍රසාංගික ද කියලා නොසිතා මම රඟපානවා.

 

අමිල චින්තක ගමගේ

ඡයාරූප - ඉෂංක සුනිමල්

 

2016-06-24-ent-157



අදහස් (0)

දස්කොන් ටෙලිනාට්‍යය සුර ගුණේ වූ රුවන් පෙරේරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 414 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 861 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site