
(අංජුල මහික වීරරත්න)
දූෂණය සහ වංචාව වැලැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා පැවසීය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී එරික් වොල්ෂ් මහතා මේ බව සඳහන් කළේය.
දූෂණය හා වංචාව වැලැක්වීම සඳහා කැනඩා රජයේ අත්දැකීම් ශ්‍රී ලංකා රජය සමග බෙදා ගැනීමට ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබෑමට හේතුව පැවති දේශපාලන සංස්කෘතිය බව පෙන්වා දුන් එරික් වොල්ෂ් මහතා වත්මන් රජය එම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ගන්නා උත්සාහය ඇගැයීමට ලක් කළේය.
ශ්‍රී ලංකා කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) පැට්‍රික් පිකරිං (Patrick Pickering)මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දූෂණ-වංචා මඩින්න කැනඩා සහාය
පිටරැටියා Thursday, 12 December 2024 04:51 PM
අපේ රටට, ජනතාවට යහපතක් කළ හැකි දැක්මක්, සැබෑ වුවමනාවක් ඇත්තේ වත්මන් ආණ්ඩුවට පමණකි.
sam Friday, 13 December 2024 07:55 AM
ජනතාව උපරිම සහය දෙයි.. හේතුව ජනතාව දුෂිත මයිනාගේ පවුලම එක්ක ජම්මාන්තර වයිරයි... එක හොඳයි එතකොට තවත් උදව් කරාවි
Godwin Friday, 13 December 2024 03:24 PM
තුන්වැනි පුරවැසියාගෙන් පටන් ගත්තොත් නරකද?