IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දේශීය මත්පැන් සඳහා වෙනම ඇප් එකක්

 

(සුජිත් හේවාජුලිගේ)

නියම ප්‍රමිතියෙන් යුතු  දේශීය මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ පරිගණක යෙදවුමක් (ඇප්) පාරිභෝගිකයන්ට  ඉදිරි දෙසතියේදී  හඳුන්වා දීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම් . ජේ ගුණසිරි මහතා ලංකාදීපයට පැවැසීය.

එම පරිගණක යෙදවුම මීට පෙර හඳුන්වා දීමට නියමිතව තිබුණද  තාක්ෂණික ගැටළුවක් නිසා එය ප්‍රමාද වූ බවද  හෙතෙම සඳහන් කළේය.

මෙම පරිගණක  යෙදවුම  මත්පැන් බෝතල් වල ඇති ස්ටිකරයට ඇල්ලීමෙන්  එය නිෂ්පාදනය කළ නිෂ්පාදකයාගේ සිට සියලු විස්තර පාරිභෝගිකයාට දැන ගැනීමට හැකි වන බව පැවසූ කොමසාරිස් ජනරාල්වරයා  ව්‍යාජ මත්පැන් නිෂ්පාදන වෙළෙඳපොළට ඇතුළු වීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ බවද සඳහන් කළේය.

ආනයනික විදේශීය මත්පැන් සඳහා මෙම පරිගණක යෙදවුම දැනටමත් හඳුන්වාදී  ඇතැයිද ගුණසිරි  මහතා කීවේය.

දේශීය මත්පැන් සඳහා ස්ටිකරය  නිකුත් කිරීමේ  කටයුතු සම්පූර්ණයෙන්ම අවසන්වී  ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.


 



අදහස් (5)

දේශීය මත්පැන් සඳහා වෙනම ඇප් එකක්

fairoos Monday, 15 August 2022 02:58 PM

ප්‍රමිතිය බලලම බොන්න තියෙන්නේ දැන්

:       1       4

BamunuarachchiWednesday, 17 August 2022 10:20 PM

කතාව නම් හරියට ගැළුමක් ගහන කෙනෙක් වගේ?

:       0       0

"සූර්-කාර්" Monday, 15 August 2022 04:16 PM

පෙට්‍රල් ගහන්න හඳුන්වාදුන් QR CODE ඕකටත් දෙන්න.... මොකද අද ලංකාවේ වාහන දුවන්න පෙට්‍රල් වගේම මත්පැනුත් ඕනිනේ...හේතුව වාහනයට පෙට්‍රල් ඕනි.. .. ඩ්‍රයිවර්ට මත්පැන් ඕනි ..! එතකොට තමයි "සූර්-කාර්" වෙන්නේ!

:       1       3

Bamunuarachchi Tuesday, 16 August 2022 06:04 AM

අපෙන් අයකරන මුදලට ප්‍රමිතියෙන් යුතු මත්පැන් ලබාදෙන්න කටයුතු කලොත් ඒ පිනම ඇති ඔබට ස්වර්ගයට ඇතුලුවෙන පර්ලී දොරටුව ගාවදී සාන්ත පීරට් තුමාට කියන්න.

:       0       0

Bamunuarachchi Tuesday, 16 August 2022 06:10 AM

වෙරිවෙච්ච කරත්ත කාරයෙක් ෂෙඩ් එකට කරත්තේ ගෙනිහින් ගොනාගේ නැට්ට උස්සලා කිව්වලු ගහන්න මේකටත් ලීටර් 5 කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site