
(අංජුල මහික වීරරත්න)
දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්ත ශාලා 3000ක් රැක ගැනීම සඳහා ඉදිරියේ දී සැලසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දැනට මෙරට වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 290,000කි. නමුත් දැනට නිෂ්පාදනය කරනුයේ මෙට්‍රික් ටොන් 40,000ක් පමණි. ඉතිරි අවශ්‍යතාවය වන පොල්තෙල් මෙට්‍රික් ටොන් 250,000ක ප්‍රමාණය පොල්තෙල්, පිරිපහදු කළ හා නොකළ තෙල් වශයෙන් මෙරටට ආනයනය කරනු ලබයි.
මේ වනවිට පොල්තෙල් සඳහා පනවා ඇති වැට් බද්ද පිළිබඳව මුදල් අමාත්‍යාංශය විශේෂ සාකච්ඡාවක් කරන බව අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශීය පොල්තෙල් කර්මාන්තය රකින්න යෝජනාවලියක්
ගමේ එකාලා Thursday, 08 August 2024 11:30 AM
තට්ටේ පෑදීගෙන එනකොට දැන් තමා මතක් වෙලා තියෙන්නේ?
Lalla Thursday, 08 August 2024 01:06 PM
පොල්වලට හොඳ මිලක් දෙන්න. ආනයනය කරන ආහාරයට ගන්න සෑම තෙල් වර්ගයකටම ඉහල බද්දක් පනවන්න. ටිකක් මිල ඉහල ගියාට කමක් නෑ. දේශීය තෙල් බිත්තර රබර් තේ කර්මාන්ත රටේ සේවා නියුක්තියෙන් විශාල කොටසක්.ඔවුන්ට අවශ්‍ය සහනාධාර නොව ඉහල මිලක්... ජපානය කරන විදිය බලන්න...
Punchirala Thursday, 08 August 2024 03:22 PM
ආනයනය කලාම රේගු ගාස්තු ලැබෙනවා නේද? රටින් සල්ලි පිටරට ගියාම මොකෑ ලොක්කා රේගු ආදායම් ලැබෙන නිසා ගේන්න දෙන්න. මම ඇමතිවරයා නම් කරන්නේ පොල් වගාව කෙරෙන ප්‍රදේශවල ගමකට එක් තැනක තෙල් සිදීමට පහසුකම් හදනවා, පොල් වේලීමට හා තෙල් සිදීමට යන්ත්‍ර සවිකර දෙනවා. අඩුම තරමින් ගමේ දෙතුන් දෙනෙක් හරි රැකියාවක් ලැබේවි. රට තෙල් අවශ්‍ය නැහැ. ඒත් සමහරක් රේගු ආදායම් සොයන නිසා ඒක තමයි ප්‍රශ්නයක් වෙන්නේ.