IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


"දේශීය පරීක්ෂණ වලට විදෙස් විනිසුරුවන් යෙදවීට බල කිරීමක් නෑ"

මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන දේශීය පරීක්ෂණය සඳහා විදේශීය විනිසුරුවන් යොදා ගැනීමට බල නොකරන බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සඳහන් කර සිටී.

එසේම එම දේශීය පරීක්ෂණය විදේශීය විනිසුරුවන්ගේ සහභාගීත්වයෙන් හෝ ඉන් තොරව හෝ අපක්ෂපාතී ලෙස පැවැත්විය යුතු යැයි ද මානව හිමිකම් මහකොමසාරිස්වරයා පෙන්වා දී ඇත.

රොයිටර් පුවත්සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මානව හිමිකම් මහකොමසාරිස්වරයා මෙම අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මානව හිමකම් මහකොමසාරිස්වරයා කියා සිටියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගැණුන ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ක‍්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා සංචාරයේදී ඇගයීමක් සිදු කළ බවය. එසේම මෙරට යුද්ධයේදී යුද අපරාධ සිදුවීද යන්න ගැන ස්වාධීනව සහ අපක්ෂපාතීව සිදුකළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

පරීක්ෂණ සිදුකරන යාන්ත‍්‍රණය අපක්ෂපාතී හා ස්වාධීන නම් ඊට සියලූ සහයෝගයන් ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන බවද සෙයිද් අල් හුසේන් මහතා මෙහිදී කියා සිටියේය.කෙසේ වෙතත් පෙර සඳහන් කළ පරිදි දෙමුහුන් වර්ගයේ යාන්ත‍්‍රණයක් පිළිබඳ තමන් දැඩි කැමැත්තකින් සිටින බවද හෙතෙම මෙහිදී පෙන්වා දී ඇත



අදහස් (0)

"දේශීය පරීක්ෂණ වලට විදෙස් විනිසුරුවන් යෙදවීට බල කිරීමක් නෑ"

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site