
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මැතිසභා කමිටුවේ වාර්තාව ඉදිරි සතියේදී කතානායකවරයාට භාර දීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
එම කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මේ දිනවල සකස් කෙරෙමින් පවතින බවද දැනගන්නට ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතා කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කෙරුණු පරීක්ෂණ කමිටුව සාක්ෂි වීමසීම පසුගියදා අවසන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා සභාපතිත්වය දරණ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කරති.
කමිටුව පොලිස්පතිවරයාගෙන්ද කිහිප වතාවක්ම ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
මෙම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කතානායකවරයා විසින් කටයුතු කෙරෙනු ඇත.
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දු කමිටුවේ වාර්තාව එන සතියේ කතානායකට