
(රන්ජන් කටුගම්පොල)
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන වර්ෂයේ මාර්තු 24 සහ 25 වැනි දිනයන්හි විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
මේ අතර මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකොට ඇති මොෂම සහ ඊට එරෙහිව පෙත්සමකාර පාර්ශවයකින් ගොනුකොට මෝසම්ද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
තවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් පුල්ලේ මහතා වත්මන් ජනාධිපති වෙනුවෙන් විරෝධතා ගොනු කිරීමට අවසර ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමටද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලැබිණ.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ මේ සම්බන්ධයෙන් ගොනුකොට තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුව අවස්ථාවේදීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශබන්දුගේ අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින දෙයි