IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දේශබන්දුගේ අතුරු නියෝගය ඉවත්කරන්නැයි හිමිවරු හතරකගෙන් පෙත්සමක්

(මනෝප්‍රිය ගුණසේකර)

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න හිමියන් ඇතුළු හිමිවරු තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ගොනු කරනු ලැබුහ.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න, කොල්ලූපිටිය රාහුල සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරුන් මෙම අතරමැදි පෙත්සම් ගොනු කරනු ලැබුහ. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලන නියෝගයන් ඉල්ලා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමෙන් පසු ජූලි 24 වැනිදා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ බවද අතරමැදි පෙත්සමේ සඳහන් වේ.

මෙම නියෝගය හේතුවෙන් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු මෙහෙයවීමට මැතිවරණ කොමිසම විසින් පොලිස්පතිවරයාට නියෝග ලබාදීමට හැකියාව නොමැති බවද සඳහන් කරන අතරමැදි පෙත්සම්කරුවෝ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ‘යුක්තිය’ නමින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා මෙහෙයුමක් ඉතා සාර්ථකව දියත් කළ බවත් ඔහු කාර්යක්ෂම පොලිස්පතිවරයකු බවත් වැඩිදුරටත් පවසති.

 

 



අදහස් (7)

දේශබන්දුගේ අතුරු නියෝගය ඉවත්කරන්නැයි හිමිවරු හතරකගෙන් පෙත්සමක්

Indhika Friday, 06 September 2024 06:38 AM

බෙල්ලන්විල කොහොමත් සීයට කඩේ යන කට්ටියනේ. බෞද්ධයනි , දානේ අරන් යන එකත් නවත්තන්න.

:       12       35

සොරිසේන Friday, 06 September 2024 06:50 AM

ඔබ වහන්සේලා පිරිත් කියනකොට පොලොස්පති මේසපන්දුට කියල සිද්ධාලේප උලා ගන්නටයි???

:       9       30

Lalla Friday, 06 September 2024 07:33 AM

චීවරය සහ ලෝගුව රාජ්‍ය පාලනයෙන් ඉවත්ව යාම ඔවුන්ට රටට කලහැකි ලොකුම සේවය.

:       6       36

හිතවතා Friday, 06 September 2024 07:38 AM

රටේ ප්‍රගමනයට මැදිහත් වීමට තවත් ඕනෑ තරම් දේවල් තිබියදී ඔය දේශපාලන අත පෙවීම් වලට මැදිහත් නොවී,ඔබ වහන්සේලාගේ ගරැත්වය ආරක්ෂා කර ගන්න.

:       6       34

Asela Friday, 06 September 2024 08:08 AM

ඔන්න කඩේ යන සෙට් එක එළි බැහැලා , පසුගිය මැතිවරණ එක්ක බලනකොට මේ මැතිවරණය මේ දක්වා සැහෙන්න සාමකාමී මන් හිතන්නේ එකට ඔය නඩු තීන්දුව සැහෙන්න බලපාලා තියනවා

:       4       15

lasath Friday, 06 September 2024 08:45 AM

හැම දේකටම හාමුදුරුවරු මැදිහත්වෙන්න ගත්තාම හැමදේම අවුල් වෙනවා . මෙම නඩුව උසාවිය විසින් බලාගනීවි . පොලිස්පති නැති වුණාට ඉතිරි අය පොලිසියේ කටයුතු බලාගනීවි . පොලිස්පතිලා කීදෙනෙක් මේ වනවිට විශ්‍රාම ගිහින් තියෙනවද ? එහෙම කියල පොලිසිය බිඳ වැටුනේ නැහැනේ

:       3       16

ලොකු ආතා Friday, 06 September 2024 09:06 AM

අපේ හාමුදුරුවනේ නරකද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කරපු විදිහට අලුත් පොලිස්පති කෙනෙක් පත් කරන්ඩ කියල රනිල් මහත්තයට ලියමනක් යැව්වනන්. මොකෝ බන්දු විතරක්මයෑ පොලිසියටම ඉන්නේ නේද? අලුත් පොලිස්පතිට කියමු මත් උවදුර හරියටම තුරන් කරන්ඩ කියලා. බන්දු කරා වගේ නාට්‍ය පෙන්නන්නේ නැතුව.

:       9       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site