(නිමල කොඩිතුවක්කු)
දේශපාලන හිතවතුන් සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව අධිවේගී මාර්ග බලපත්‍ර 35ක් ලබාදීමට කටයුතු කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී ඇති මෙම අධිවේගී මාර්ග බලපත්‍ර හේතුවෙන් රජයට වසරකට රුපියල් කෝටි තුන්සියයකට වඩා පාඩුවක් සිදුවන බවත් විජේරත්න මහතා කීවේය.
මෙම අධිවේගී මාර්ග බල පත්‍ර වලින් වැඩි ප්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිතව ලබාදී ඇති බවත් ඇඹිලිපිටිය - කොළඹ, මාතර - ත්‍රිකුණාමලය, ගාල්ල - අරුගම්බේ ආදි මාර්ග වල එම බස් රථ ධාවනය වෙන බවත් ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් ගැමුණු විජේරත්න මහතා තවදුරටත් කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දේශපාලන හිතවතුන්ට අධිවේගී මාර්ග බලපත්‍ර 35ක් දීලා
නිහාල් Sunday, 23 April 2023 07:05 PM
ඉතින් ඔයාටත් ලැබෙන්න ඇතිනෙ.ඔයත් මේ ආන්ඩුවෙ දේශපාලන හිතවතෙක් නෙ.