IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා‘‘

(අංජුල මහික වීරරත්න සහ සිතුම් චතුරංග)

දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වව්නියාවේදි අද පැවසීය.

රටේ සියලු ජනතාව එකතු කරන එකම බලවේගය ජාතික ජන බලවේගය බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීවේ වවුනියාවේ පැවති ජනරැළිය අමතමිනි. විවිධ ආරක්ෂක හේතු මත ලබාගෙන තිබෙන උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ඔවුන් වෙත නිදහස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.

උතුරේ ධීවර කර්මාන්තය රැක ගැනීම සඳහා ජාතික ජන බලවේග රජය කැපවී සිටින අතර පලමු අයවැයෙන්ම ධීවර ජනතාව සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන බවද ජනාධිපති අනුර දිසානායක මහතා කීය.



අදහස් (12)

‘‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා‘‘

Aruna Sunday, 10 November 2024 07:14 PM

කොහේද මනුස්සයෝ දේශපාලන සිරකරුවෝ. ඔවුන් ත්‍රස්තවාදී... ඒක එන්නේ නැද්ද?

:       43       112

SAMPATH INDIKASunday, 10 November 2024 08:55 PM

එතකොට කරුණා අම්මාන්, පිල්ලෙයාන්ලා කවුද? හිරේ ඉන්න අය ත්‍රස්තවාදී කියන්න කොහොමද නඩු අහලා ත්‍රස්තවාදී කියලා වැරදි කරුවන් වුනේ..?

:       50       42

ArunaSunday, 10 November 2024 09:29 PM

තමුන්ගේ කී දෙනෙක් රට වෙනුවෙන් ජීවිත දීලා, අත, පය, ඇස් දීලා තියෙනවද? වයස කීයද?

:       11       54

රම්බොඩ Sunday, 10 November 2024 11:56 PM

මෙයා කොටි එළියට දාලා ඒ ඡන්ද ගන්න දත කනවා. එක්කෙනෙක් සාලාව ආයුධ ගබඩා විනාශ කළා, හමුදා බුද්ධි අංශ පාවා දුන්නා , කොටි එක්ක හොර ගිවිසුම් වලට ගියා. මෙයත් ඒ ටිකම කරගෙන යන පාටක් තියෙන්නේ . නිවට දේශපාලනය . බලාගෙන ඉන්නෙ ඇස් ඇරගෙන.

:       6       6

Amal Monday, 11 November 2024 12:56 AM

සම්පත්, මයිනෙක් වැරැදි කළාට, ඒ වැරැද්දම සිංහයෙක් කළාට කමක් නැද්ද? මොකක්ද ඔයාගේ තර්කය....?

:       1       5

Damith Monday, 11 November 2024 12:58 AM

නිදහස් කරනවා නම් නිදහස් කරන්න ආයේ ලොවෙත් නැතිවෙන්න...

:       1       36

Bandara Monday, 11 November 2024 01:00 AM

චේගුවේරයන් අපි ගත්තේ, සුරුට්ටුවයි, ඩබල් පොකට් කමිසයයි විතරයි සහෝදරයා...

:       4       36

ගදය උන්මන්පිල Monday, 11 November 2024 05:19 AM

ඉදිරියෙදි මම තව වර්තා එලියට දානවා. එතකොට බලාගන්න පුලුවන් තත්වෙ.

:       29       13

ප්‍රසාද් සේනාදීර Monday, 11 November 2024 06:22 AM

චන්දෙ ගන්න ඕනි උනාම ඕනිම කෙබරයක් මේ යෝධයා අතාරිනවා..එහෙට එකක්..මෙහෙට එකක්..මොකද්ද මුන්ගෙයි හිටපු උන්ගෙයි වෙනස... අවස්ථාවාදියො

:       12       34

Asanga thiththagalla gamage Monday, 11 November 2024 10:09 AM

මෙයාගෙ මොකද්දෝ ඇති ඒකයි ඕම කියන්නේ

:       4       29

සෙනෙවිරත්න Monday, 11 November 2024 10:29 AM

දෙමළ, සිංහල සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි..., තවදුරටත් මෙම ප්‍රශ්නය දිගින් දිගටම ඇදගෙන යාම නිශ්ඵලයි., උතුර, දකුණු සංහිඳියාව තුළින් සියල්ල බෙදුම්වාදී ආකල්ප නිශේධනය වනු ඇත. මෙයට එරෙහි වන්නේ වීරවංශ, ගම්මන්පිල අවතාර පමණයි...

:       32       11

Hemantha Monday, 11 November 2024 03:31 PM

බොනිකර තරුව...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site