කැමරූන් පාපන්දු සම්මේලනයට එරට රජය විසින් කරනු ලබන අනිසි බලපෑම් හේතුවෙන් කැමරූන් පාපන්දු සම්මේලනය දින නියමයකින් තොරව තහනම් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය තීරණය කළේය. මෙම තීරණය අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් ඊයේ (4 වැනිදා) ප‍්‍රකාශයට පත්කරන ලදි.
ලෝකයේ ඉතාමත්ම උණුසුම් පාපන්දු තරගාවලියක් වශයෙන් සැලකෙන අපි‍්‍රකානු ජාතීන්ගේ පාපන්දු කුසලානය සිවු වතාවක්ම දිනා ඇති කැමරූන් පාපන්දු කණ්ඩායමේ මීළග තරගය වන්නේ සැප්තැම්බර් මස 6 වැනිදා පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකි.
කෙසේ වෙතත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් පනවන ලද තහනම හේතුවෙන් කිසිදු අන්තර්ජාතික පාපන්දු තරගයකට සහභාගි වීමේ අවස්ථාව කැමරූන් පිලට අහිමි වන අතරම දේශීය වශයෙන් පාපන්දු තරග සංවිධානය කිරීමේ අවස්ථාවද එහි නිලධාරීන්ට අහිමි වෙයි.
”අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිර්දේශය වන්නේ සාමාජික පාපන්දු සම්මේලන තෙවැනි පාර්ශ්වයක බලපෑමකින් තොරව සිය කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාමයි” යයි අන්තර්ජාතික පාපන්දු සම්මේලන ප‍්‍රකාශනයේ සටහන් වේ.
කෙසේ වෙතත් කැමරූන් පාපන්දු සම්මේලනය නැවත යථා තත්ත්වයට ගෙන ඒමටත්, ලබන වසරේ මාර්තු මාසයේදී එහි නිලවරණය පැවැත්වෙන තුරු කැමරූන් පාපන්දු කී‍්‍රඩාව පවත්වාගෙන යාමටත් නිදහස් කමිටුවක් පත්කරනු ලබන බවද අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසයි.
මෙම නිදහස් කමිටුවට අයත් නිලධාරීන්ට කැමරූන් පාපන්දු සම්මේලන මූලස්ථානයට ඇතුළුවීමේ අවසරය දීමට සහ එහි කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට කැමරූන් රාජ්‍ය බලධාරීන් අවසර දෙන තුරු මෙම පාපන්දු තහනම කි‍්‍රයාත්මක වන බවද අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසයි.
කෙසේ වෙතත් සැප්තැම්බර් මස 6 වැනිදාට පෙර එය සිදු නොවුවහොත් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයට කී‍්‍රඩා කිරීමට කැමරූන් පිලට අවසර නොලැබෙන අතර එනිසාම ලබන වසරේදී (2014) බ‍්‍රසීලයේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියද කැමරූන් පිලට අහිමි වනු ඇත.
2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා පැවැති සුදුසුකම් තේරීමේ තරගාවලියේදී අපි‍්‍රකානු රටවල් අතර මේ වන විටත් පෙරමුණේ සිටින්නේද කැමරූන් පාපන්දු කණ්ඩායමයි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශපාලන ඇගිලි ගැසීම් නිසා කැමරූන් පාපන්දු සම්මේලනයට තහනමක්