IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


දේශපාලනඥයොත් සුදු සැරයටිය ගනිති

සෑම වසරකම ඔක්තොම්බර් 15 දිණට යෙදෙන ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සමරා මධ්‍යම පළාත් ශ්‍රි ලංකා දෘශ්‍යාබාධිත සම්මේලනය මගින් සංවිධානය කළ සුදු සැරයටි පා ගමන හා සැමැරුම් උත්සවය අද (13) මහනුවර, ඊ.එල් සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවත්විණි.

මෙම පාගමන සඳහා සුදු සැරයටි රැගත් දෘශ්‍යාබාධිත පුද්ගලයින් 100 ක් මෙන්ම නීතිඥ චමින්දානන්ද කිරිඇල්ල ඇතුළු මහනුවර මහනගර සභාවේ මන්ත්‍රිවරුන් මෙන්ම මධ්‍යම පළාත් සභා මන්ත්‍රිවරුද සුදු සැරයටියක් රැගෙන පා ගමන සදහා එක්වුහ.

මේ අතර ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිත්තෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ දෘෂ්‍යාබාධිත පුනරුත්තාපන අරමුදල එක්ව සංවිධානය කරන සුදු සැරයටි දින සැමරුම් උත්සවය සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක හා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිකුරාදා (14) බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පෙරවරු 9.00 ට පැවැත්වීමට නියමිතය.

එහිදී සුදු සැරයටි රැගත් දෘෂ්‍යාබාධිත පුද්ගලයන් සහභාගී වන පා ගමනක් පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණය අසල සිට අපේ ගම පරිශ‍්‍රය දක්වා පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

2A 5 12

 

 



අදහස් (0)

දේශපාලනඥයොත් සුදු සැරයටිය ගනිති

අසෝකා Thursday, 13 October 2016 08:25 PM

සුදු සැරයටිය ගත්තා වගේම ඔවුන්ගේ දෘෂ්ඨි ආබාධයෙනුත් බාගයක් ගත්තා නම් තමයි සුදුසුම දේ කළා වෙන්නේ. (නි)

:       0       0

අබය Thursday, 13 October 2016 08:58 PM

අපේ රටේ දේශපාලකයින්ට සුදු සැරයටි අමුතුවෙන් ඕනෑ නැහැ (නි)

:       0       0

කුමාර් Thursday, 13 October 2016 12:57 PM

දේශපාලුවෝ නම් ඇස් තියාගෙනත් යන්නේ අන්ධ මිනිස්සු වගේ. (හේ)

:       0       0

ඇසළ Thursday, 13 October 2016 01:18 PM

කොහොමත් දේශපාලකයෝ ඇස් අරගෙන ඉන්නේ ඡන්දෙ ඉල්ලන කල් විතරයි. දිනුවට පස්සේ ඇස් වහගෙන සුදු සැරයටියෙන් යනවා වගේ තමයි අපිට පෙන්නේ. (බ)

:       0       0

සජී Friday, 14 October 2016 02:23 AM

දැන්වත් දෑස් හැර රටට සහ ජනතාවට වෙන්න යන දේ දෙස බලනමෙන් දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා (නි)

:       0       0

භාතිය Thursday, 13 October 2016 03:13 PM

දෘශ්‍යාබාධිත නොවන අය සුදු සැරයටිය ගැනීමෙන් දෘශ්‍යාබාධිත අයගේ සිරුරෙන් අඩක් වන සැරයටියට කළ අගෞවයක් හැටියටයි මම දකින්නේ.එය දේශපාලකයන්ගේ ප්‍රදර්ශන භාණ්ඩයක් වුණා. (බ)

:       0       0

රිකි Tuesday, 18 October 2016 09:34 AM

දේශපාලුවෝ කියන්නේ ජාති අන්ධයෝ කොටසක් කියලයි මට හිතෙන්නේ. ඔවුන්ට සුදු සැරයටි වලින් පලක් නැහැ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site