(අංජුල මහික වීරරත්න)
දේශපාලඥයින්ගේ නිවාසවල තිබී හමු වූ යූරියා පොහොර තොග සම්බන්ධව වහාම විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන්නැයි කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට නියෝග කළේය.
ගොවීන්ට ඔවුන්ගේ වගාවන් සඳහා රසායනික පොහොර නොමැති අවස්ථාවක ඇතැම් දේශපාලඥයින් ඔවුන්ගේ නිවාසවල පොහොර ගබඩා කර තැබීම සම්බන්ධයෙන් තමන් ද විමතියට පත්වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම රසායනික පොහොර ගොවීන් හට සහනාධාර වශයෙන් ලබාදී තිබූ ඒවාද එසේ නොමැතිනම් වර්තමානයේ පවතින මිල ගණන් යටතේ ඔවුන් විසින් පෞද්ගලික වෙළෙඳුන්ගෙන් මිලදී ගත් පොහොර ද, එසේත් නොමැතිනම් පොහොර ලේකම් කාර්යාලයෙන් මීට පෙර නිකුත් කරන ලද පොහොර තොගද යන්න සම්බන්ධව පැහැදිලි වාර්තාවක් තමන්ට බාරදෙන ලෙස අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දුන්නේය.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වාර්තාව ලැබීමෙන් පසුව අදාල පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කලහකාරීන් විසින් දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තැබූ අවස්ථාවේ හමුවූ පොහොර සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දේශපාලක නිවෙස්වල තිබූ පොහොර ගැන ඇමති වාර්තාවක් කැඳවයි
දාස Tuesday, 24 May 2022 09:50 PM
මේ පට්ටපල් බොරු රජෙක්..., චමල්ගේ ගෙදර පෝර තිබුණා, ඔහේට මොනවද කරන්න පුළුවන්... නිකන් කෝචොක් එපා.. මේ ඔහේලාගේ අවසාන හෝරාව, එතකන් බොරු කරකර සැප ගනිල්ලා...!
sharm warn Wednesday, 25 May 2022 11:01 AM
ඔව්, ඔව්.. කොහෙන්ද නිකුත් කළේ..? ඒකද මේකද, කිය කියා ඉඳලා ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ දොරකඩ දාලා ගිහින් තිබුණා කියලා කතාව වහලා දාන්නකෝ.. පුරුදු වෙලා තියෙන්නේ ඒකටනේ..!