(අංජුල මහික වීරරත්න)
ඉදිරි දශකය ඇතුලත රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙන බව කී ජනාධිපතිවරයා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ඒක පුද්ගල අදායම ඉහළ නංවා ගත හැකි බවද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඉන්දියානු සංචාරක සම්මේලනය අමතමිනි.
දේශසීමා ඉක්මවමින් බිම්ස්ටෙක් කලාපය දියුණු සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරිමට සියලු බිම්ස්ටෙක් රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
"දේශසීමා ඉක්මවා යාම " තේමාව යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනය මත ඉන්දියාවේ සංචාරක නියෝජිත සම්මේලනය විසින් සංවිධානය කර තිබූ මෙම සමුළුව ජූලි මස 06 වනදා සිට 09 වෙනිදා දක්වා කොළඹ දී පැවැත්වේ.
ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුරක්ෂිත සහ ආකර්ශණිය ගමනාන්තයක් බව ලොවට හඳුන්වාදෙමින් පැවැත්වෙන මෙම සම්මේලනයට ඉන්දියානු සංචාරක සම්මේලනයේ සාමාජිකයන් 500 දෙනෙක් පමණ එක්ව සිටින අතර, එය ආවරණය කිරීම සඳහා ඉන්දියානු මාධ්‍යවේදීන් 50 දෙනෙකු පමණ සහභාගි වී සිටීම ද විශේෂත්වයකි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
දශකයක් ඇතුලත සංචාරක කර්මාන්තයෙන් ඩොලර් වැස්සක්
Nimesh Friday, 07 July 2023 07:07 PM
මේ පොරොන්දුවත් දෙනවා නම් අපේ පින්පතිතුමාට ගහන්න තව කෙනෙක් නැහැ...
Akila Saturday, 08 July 2023 07:23 AM
දේශපාලන පොරොන්දු දීම කලාවක් නම් රනිල් තුමා එහි පිකාසෝ වේ...