
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේවමෙහෙය පැවැත්වෙන අතරවාරයේ දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කළ බව කියමින් ඉමිටියාස් නැමැති පුද්ගලයෙක් වෙරළබඩ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාතලේ අගලවත්ත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින 46 හැවිරිදි අයෙකි.
ගීතිකා ඇසීමට ඇති ආසාව නිසා තමා දේවස්ථානයට ඇතුළු වීමට පැමිණි බව සැකකරු පොලීසියට පවසා ඇතැයි කියති.
සාන්ත අන්තෝනි දේවස්ථානයේ 189 වැනි වාර්ෂික මංගල්‍යය මෙම මස 13 වැනි දාට යෙදී ඇති බැවින් ඊට සමගාමීව දේව මෙහෙයන් සෑම දිනකම පවත්වාගෙන යනු ලබයි.
ඒ අනුව පෙරේදා දින එම දේවමෙහෙයන් පැවැත්වෙන අතරවාරයේ මෙම සැකකරු දේවස්ථානය තුළට ඇතුළුවීමට පැමිණි අවස්ථාවේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සන්තකයේ ජාතික හැඳුනුම්පත් දෙකක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
541
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේව මෙහෙය අස්සේ පල්ලියට රිංගන්න හැදූ අයෙක් මාට්ටු
කිරි පුතා Friday, 09 June 2023 08:48 AM
ගීතිකා අහන්න ආශා නම් අනන්‍යතාව තහවුරු කරලා වගකිවයුතු කෙනෙකු හරහා අවසරගෙන ඇතුල් වෙන්න තිබුණානේ...
ලුම්බිණි Friday, 09 June 2023 09:29 AM
ජාතික හැඳුනුම්පත් දෙකක් තිබීම නම් ප්‍රශ්නයක්. ඒත් දේවස්ථානයට ඇතුළුවීමේ මොකද්ද තියෙන අවුල? අද ඉන්න ලොකු අයටත් පාස්පෝට්, හැඳුනුම් පත් දෙක දෙක තියෙන්නේ.
ChathuriFriday, 09 June 2023 04:58 PM
ඔයා ජාතික ආරක්ෂාව කියන එකේ... තේරුම දන්නවද? ඔයා ගෝලයෙක්ද? ඔයත් පෙනී සිටින්නේ බොරු සිංහල නමකින් වෙන්න ඇති. අම්මලා දෙන්නෙක්... තාත්තලා දෙන්නෙක් ඉන්න පුළුවන් එක දරුවකුට නමුත්. එක උප්පැන්නයයි දෙන්නේ... එක හැඳුනුම්පතයි දෙන්නේ... මරාගෙන මැරෙන් අයට... මේවා තියෙන්නේ මිටි ගණන් ඔයාට මිනිසුන් කෙරෙහි අනුකම්පාවක් තියෙනවා නම් මේ විදිහේ අයගේ වැඩ පිළිගන්නේ නැහැ. ලෝකයේ දුප්පත් රටවල ජනතාව පමණයි. දෙවියන් මහ ඉහළින් පිළිඅරගෙන වන්දනා මාන කරන්නේ... මොකද රටේ නායකයින්ගේ කොන්ද පණ නැහැ. කිසිම පිළිසරණක් නැහැ ජනතාවට... ඒ නිසයි ගොඩක් දුරට දෙවියන්ට දුක කියන්න පුරුදු වෙන්නේ... එහෙම අවස්ථාවල... බෝම්බ බැඳගෙන ගිහින්... මේ අසරණයින් මරණ එක හරිද? අද ගීතිකා අහන්න ඇවිත් මංගල්‍යයට වෙඩි පත්තු කරන්නේ... මේ වගේ කට්ටිය... වචනයෙන් මේ වගේ දේවලට හරියි කියන්න එපා....