
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර වෙළෙඳපොලට දැව හා දැව නිෂ්පාදන අපනයනය සඳහා දැනට පවතින නීතිමය බාධක සියල්ල ඉදිරි මාස දෙකේ ඉවත් කරන බව කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රාජ්‍ය දැව සංස්ථාව විදේශ විනිමය උපයන ආයතනයක් බවට පත් කිරීම රජයේ ඉලක්කය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය දැව සංස්ථාව මෙි වසරේ සැප්තැම්බර් මස අවසන් වනවිට රුපියල් මිලියන 3735ක ලාබයක් උපයා තිබේ.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රගතිය සම්බන්ධව කරන ලද සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය.
මේ වනවිට රජය විදේශ රටවලින් දැවමය ගෘහභාණ්ඩ මෙරටට ආනයනය කිරීම අත්හිටුවා තිබීම හේතුවෙන් රාජ්‍ය දැව සංස්ථාවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව අමාත්‍යාංශය පවසයි.
මෙම වසර අවසන් වන විට රාජ්‍ය දැව සංස්ථාවේ ආදායම තවත් රුපියල් මිලියන 250කින්වත් ඉහළ නංවාගැනීම සඳහා පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.
දැනට රාජ්‍ය දැව සංස්ථාව සතුව කළුවර දැව මෙට්‍රික් ටොන් 500කට වඩා විශාල තොගයක් පවතින මෙයින් එම කළුවර දැව මිශ්‍රව යොදාගනිමින් ජාත්‍යන්තර වෙළෙඳපොලට අපනයනය සඳහා ගෘහ භාණ්ඩ සැකසීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම ඉදිරි වර්ෂ කිහිපය තුළ දී ද මෙරටට ගෘහභාණ්ඩ ආනයනය කිරීම සඳහා රජය අවසර නොදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැව නිෂ්පාදන අපනයන බාධක නීති ඉවතට
fairoos Monday, 24 October 2022 12:55 PM
කැලෑවල් ටිකට වැඩේ දෙන්නයි යන්නේ... රැවටෙන්න එපා මේ කාලකණ්ණි ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ...