අනවසර දැව තොගයක් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රයක් දීමට රුපියල් හාරදහසක අල්ලසක් ගත් බව කියන ග්‍රාම සේවා නිලධරයෙක් හැඩිගල්ල ඉගුරුදළුවේදී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධරයින් විසින් සැකපිට අද සවස අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැව තොගයෙන් ග්‍රාම සේවක අමාරුවේ
රෝහණ Thursday, 05 September 2013 10:08 AM
4000 ඒ තරම් ගානක් නෙවෙයි මම මේ ලඟදි ගියා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යලේට එතනින් මගෙන් ඉල්ලුවේ ලක්ෂයක් මට ලක්ෂයක් දෙන්න අමාරු නිසා ආපහු හිස් අතින්ම ආව. එයා හොරණ පදිංචි කරුවෙක්.තව මොනවද.
රෝහණ Thursday, 05 September 2013 10:12 AM
ඒ ග්‍රාමසේවකට ගන්න තිබුනේ ලක්ෂ දෙකක් විතර. එහෙම වුණා නම් අහුවෙන්නේ නැහැ.දැන් කාලේ 4000ක් මොකක්ද? (නි)
උපාලි Wednesday, 04 September 2013 06:27 AM
මෙතන තියෙන්නේ 'අනවසර' දැව ප්‍රවාහනයට බලපත්‍රයක් දීමට පගාව ගැනීමක් ගැන. ඔහොමද, 'අවසර තිබෙන' දැව ප්‍රවාහනයට බලපත්‍රයක් දීමටත් පගාව ගන්නවනේ. පොඩ්ඩක් ගාන අඩුයි මගේ හිතේ. (නදී)
වරුණ Wednesday, 04 September 2013 07:39 AM
රු 100 දාහේ අල්ලස් අල්ලනවා නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා. මිලියන් ගණන් ,කොටි ගණන් ගහන ලොකු අය අල්ලන්නේ නෑ. ඇල්ලුවත් එක්කෝ ඔප්පු කරන්න සාක්කි නැහැ. නැත්තම් නීතිපති උපදෙස් මත නිදොස් කොට නිදහස් අයියෝ සංසාරේ කිව්වලු.(නදී)
නිමල්-කුවෙට් Tuesday, 03 September 2013 06:51 PM
අනේ පව් අහිංසකයා නැති බැරි කමට ගන්න ඇති.(නදී)
ජයන්ත Thursday, 05 September 2013 12:56 PM
දැක්කාද අල්ලසේ තරම . පව් නේ (දී)
පුබුදු Tuesday, 03 September 2013 08:49 PM
රුපියල් මිලියන ගනන් දුසනය කරපු වංචා කරපු අය ගන්න මගේ පැම්නිලි වලට මොකක්ද කළේ. සාක්කි සහිතව, ලිඛිතව දුන්නත් මොකක්ද කළේ.(නදී)
ෂෙරිෆ් Tuesday, 03 September 2013 10:34 PM
අල්ලස් නොගන්න ග්‍රාම සේවක මහත්වරු අපේ ලංකාවේ නැහැ, (දී)
දයා අලහකෝන් Wednesday, 04 September 2013 12:39 PM
දැව පැත්තෙන් බැලුවත්, කුඩු පැත්තෙන් බැලුවත් නීතියට අහුවෙන්නෙ පොඩිම එකෙක්.දඹුලු, පොළොන්නරු කැලේ ඉවරයි.මිලියන ගණනක් කොට පටවනවා දිනපතාම.මේවා අල්ලන්නෙ නැහැ. කුඩුත් දිනපතා කෝටි ගණනක් ලංකාවට එනවා.මේවා නතර නොවන්නෙ මොන කරුමෙකටද? (ස)
දසුනි Wednesday, 04 September 2013 12:32 AM
දහදාහට අඩු ඒවා විතරයි බොහෝවිට අහුවෙන්නේ නේද? (නි)