(කීර්ති ප්‍රනාන්දු)
දෙවලපොළ බලබෝව ප්‍රදේශයේ පිරිවෙන් හිමිවරුන් 10 නමක් කොරෝනා වයිරස ආසාදිතයන් එලෙස හඳුනා ගත් බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.
මෙම පිරිවෙනේ වැඩ වාසය කරන එක් හිමිනමක් සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් ඉකුත් 10 වෙනිදා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක් සිදු කරගෙන ඇති අතර එහිදී එම හිමිනමට කොරෝනා වයිරසය ආසාදිත බවට තහවුරු වී තිබේ.
පසුව මේ පිළිබඳව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම පිරිවෙනේ වැඩ වාසය කරන අනෙකුත් හිමිවරුන්ගේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහිදී එම හිමිවරුන් අතරින් තවත් හිමිවරුන් 9 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු කරගත් බවද එම සෞඛ්‍ය ප්‍රකාශකවරයා කීය.
අනතුරුව එම ආසාදිත හිමිවරුන් දස දෙනා එම පිරිවෙන තුළම නිරෝධායන ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත් බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දෙවලපොළ පිරිවෙන් හිමිවරු 10 කට කොරෝනා
උපාසක ( ඔරිජිනල් ) Wednesday, 17 November 2021 06:12 AM
මේ දිනවල A/L , O/L විභාග වෙනුවෙන් පාඩම් කරන දරුවන්ට පන්සල් , පල්ලි , කෝවිල් , දේවස්ථානවල ලවුඩ්ස්පීකර් කන්දොස්කිරියාව මහා හිරිහැරයකි !