(සුජිත් හේවාජුලිගේ)
ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ පිට පැටවීම වැරදි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,සමගි ජන බලවේගය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට නඩු ඇසීමේ බලයක් නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා සභාපතිවරයා වැඩ කරන්නේ මැතිවරණ පනත අනුව යැයිද ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් තනිවම ඉවත් කිරීමේ බලයක් හෝ හැකියාවක් හෝ නැති බව කවුරුත් පිළිගත යුතු යැයිද ඒ සඳහා ඔහුට අධිකරණ නියෝගයක් අවශ්‍ය කෙරෙන්නේ යැයිද හෙතෙම පැවසුවේය.
හැම දෙයක්ම මැතිවරණ කොමිෂන් සභාව මත පැටවීම වැරදි යැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
මේ රටේ ඕනෑම පුරවැසියකුට සිවිල් සමාජය සමග එක්ව ද්විත්ව පුරවැසි ප්‍රශ්නය අධිකරණය ඉදිරියට ගෙන ගොස් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාගත හැකි බව පැවසූ මන්ත්‍රීවරයා මේ ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම්වලදී අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ද්විත්ව පුරවැසි ප්‍රශ්නය මැතිවරණ කොමිසම පිට පැටවීම වැරදියි