
(යොහාන් භාසුර)
සර්වජන බලය ජනාධිපතිවරණ අපේක්ෂක ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කරමින් නැගෙනහිර දමිළ ජනතාව නියොජනය කරන ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක තංගරාජා විශ්නු කාන්තන් මහතා සර්වජන සන්ධානයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් විය.
සර්වජන බලය සහ ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ ගිවිසුමකට අද (19) අස්සන් තැබීය.
දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක එකඟතාවයෙන් ගොඩ නැගුනු සර්වජන බලය දේශපාලන එකමුතුව එක්ව නංවන රටක් සතුට පිරුණු දැයක් තේමාව යටතේ ව්‍යවසායකත්ව රාජ්‍යක් නිර්මාණය කිරීම අරමුණ බව දිලිත් ජයවීර එහිදී පැවසීය.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග සහ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ගාමිණී වලේබොඩ යන මහත්වරු, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩී. තිලකසිරි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිලිත්ට දමිල පක්‍ෂයක් එක්වෙයි
Prabha Monday, 19 August 2024 08:25 PM
විමල් ගම්මන්පිල දෙන්නාට ෆුල් අවුල් ඇති නේ...!