( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පෙර පාසලට ගොස් හඩන දරුවන් සනසා දී රහසේම එම දරුවන්ගේ රන් පංචායුධ සොරා ගැනිමේ නිරතව සිටි කාන්තාවක් ආණමඩුව පොලිසියේ විවිධ පැමිණිලි අංශය අද (07) අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව ආලංකුලම පදිංචි 32 හැවිරිදි කාන්තාවක් බව කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාව ආලංකුලම, වත්තේගෙදර ඇතුළු ප්‍රදේශ වල පෙර පාසල්වලට ගොස් එහි හඩමින් සිටින දරුවන් සනසන මුවාවෙන් මෙම පංචායූධ සොරා ගැනිම කලක සිට සිදුකර ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
පොලිස් පරික්ෂණ අනුව මේ වන විට දරුවන් අට දෙනෙකුගේ ගෙල බැදි රන් පංචායුධ මෙම කාන්තාව අවස්ථා කිපයකදී කිසිවකුට නොදැනෙන අයුරින් සොරා ගැනිම සිදුකර ඇති බවත් තවත් එසේ පංචායුධ සොරකම් කර ඇත්දැයි යන්න පරික්ෂණ අරඹා ඇති බව විවිධ පැමිණි අංශය කියයි.
කෙසේ වෙතත් මෙම කාන්තාව දරුවන් සනසා දිමෙන් පසුව දරුවන්ගෙ ගෙලෙහි ගැට ගසා තිබු පංචායූධ අතුරුදහන් විම ගැන පෙර පාසල් පාලිකාවන් හා දරුවන්ගේ මව්වරුන් විසින් තුළ ඇතිවු සැකයක් මත පොලිසියට පැමිනිලි කිරීමේන් පසුව පරික්ෂණ අරඹා තිබු බව ද කියයි.
ඒ අනුව අදාල කාන්තාව අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේන් පසුව අදාල කාන්තාව පාපොච්චාරණය කර ඇති බව කියයි.
අත් අඩංගුවට ගත් කාන්තාව ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ආණමඩුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.ඒ.ටී. නිල්මිනී මහත්මිය ඇතුළු නිළධාරින් විසින් පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන් 8 කගේ පංචායුධ වලට විද්ද කත අල්ලයි