IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දරුවන් ගැන නව සංශෝධන සතුටට කරුණක්

(විමුක්ති එස් රුද්‍රිගු)

සියලු ශ්‍රී ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ සුභ සාධනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින් මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ළමයින් සහ තරුණ තැනැත්තන් පනතට එකතු කරන ලද නව සංශෝධන සාදරයෙන් පිළිගන්නා බවත් මෙය දීර්ඝ කාලයක සිට අපේක්ෂා කරන ලද පියවරක් බවත් යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ළමයින් සහ තරුණ තැනැත්තන් පනත 1939 වසරේ සිට ළමයින් සඳහා යුක්තිය පසිඳලීමට භාවිත කරනු ලබන ආඥා පනත වන අතර පනත මගින් මීට පෙර ආවරණය කරනු ලැබුවේ වයස අවුරුදු 16 දක්වා දරුවන් පමණකි.නව සංශෝධන මගින් එම වයස අවුරුදු 18 දක්වා වැඩි කර ඇති බවත් ගුරුවරුන්, භාරකරුවන් සහ දෙමාපියන් විසින් ළමයින්ට සහ නව යෞවන වියේ පසුවන දරුවන්ට ශාරීරික දඬුවම් භාවිත කිරීම පිළිගෙන තිබූ වගන්තියද ඉවත් කර ඇති බවත් යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළේය.

නව සංශෝධන ක්‍රියාත්මක වීම තුළින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ නීති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුකූලව පවත්වාගෙන යාමට දායක වන බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දුන්නේය.



අදහස් (0)

දරුවන් ගැන නව සංශෝධන සතුටට කරුණක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site