IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දරුවන් ඉදිරියේ මව මැරූ පියාට වසර 37ක සිර දඬුවම්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඕස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී තම බිරිඳව පොරවකින් කපා කොටා ඝාතනය කර තම පුතුණුවන්ටද පහරදුන් 47 හැවිරිදි  දිනුෂ් කුරේරා නම් ශ්‍රී ලාංකික ජාතිකයාට වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමන්දා ෆොක්ස් මහත්මිය අද (19) වසර 37 ක සිර දඬුවමක් නියම කළාය.

දිනුෂ් කුරේරා සිය බිරිඳවූ නෙලෝමි පෙරේරාව, 2022 වසරේදී ඕස්ට්‍රේලියාවේ සෑන්ඩ්හර්ස්ට් නගරයේ පිහිටි ඇයගේ නිවසේදී තම දරුවන් ඉදිරියේ විනාඩි 14 ක කාලයක් පුරාවට කපා කොටා ඝාතනය කර තිබූ අතර ඇයගේ සිරුරේ කැපුම් තුවාල 35 සහිතව ලේ විලක් මැද වැටී සිටියදී ඕස්ට්‍රේලියානු පොලිසිය සොයා ගත්තේය. පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහු මිනීමැරීමේ චෝදනාවට වරදකරු බව වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. එහිදී දඬුවම් නියම කිරීම සඳහා ඊයේ(19) දිනට නඩුව කැඳවීමට වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබිණි.

ආත්ම ආරක්ෂාව සඳහා තම බිරිඳ ඝාතනය කළ බව දිනුෂ් කුරේරා ප්‍රකාශ කළත් ඔහු නිදහසට ඉදිරිපත් කරන කරුණු කිසිසේත් පිළිගත නොහැකි බව අමන්දා ෆොක්ස් විනිසුරුවරිය ප්‍රකාශ කළාය. හොඳ කල් ක්‍රියාවෙන් සිටීම හේතුවෙන් ලබා ගන්නා සමාවට අයැදුම් කිරීමටත් දිනුෂ් කුරේරා අවම වශයෙන් අවුරුදු 30 සිර දඬුවමක් විඳිය යුතු බවද ඇය පැවැසුවාය.

දිනුෂ් කුරේරා සිය පුතුණුවන්ට තුන්වතාවක් පොරවෙන් පහරදී ඇති බවත් සිය මවට පොරවෙන් පහරදෙන අවස්ථාවේ උදව් ඉල්ලීම සඳහා පිටතට දුව යෑමට උත්සාහ දැරීම හේතුවෙන් දිනුෂ් කුරේරා සිය පුත්‍රයාට මෙලෙස පහරදී ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය. කුරේරාට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඉතිහාසයක් තිබෙන බවත් ඔහු වෙනත් කාන්තාවන් ආශ්‍රය කරන බවත් නඩු විභාගයේදී ඔප්පු විය. ඒ හේතුවෙන් කුරේරා 2022 වසර මුලදී ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ දික්කසාදවීමේ සැලසුම ඇතිව ඔහුට විරුද්ධව නෙලෝමි තහනම් නියෝගයක් ලබාගෙන ඇති බවත් එම නියෝගය හේතුවෙන් කුරේරාට නෙලෝමි සමඟ එක නිවසේ වාසය කිරීමට නොහැකි වී ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය වූවේය.

නඩුව ආරම්භයේ සිටම දිනුෂ් කුරේරා ආත්ම ආරක්ෂාව සඳහා ඝාතනය සිදුකළ බව ඔහුගේ නීතිඥ කණ්ඩායමේ ස්ථාවරය විය. කෙසේ නමුත් දඬුවම් නියම කරමින් වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමන්දා ෆොක්ස් මහත්මිය ප්‍රකාශ කර සිටියේ දරුවන් ඉදිරියේ මව ඝාතනය කිරීම ම්ලේච්ඡ කිසිසේත් සමාවක් ලබාදිය නොහැකි ක්‍රියාවක් බවත් ඔහු නිදසහට ඉදිරිපත් කළ කරුණු විකාරයක් බවත්ය.



අදහස් (4)

දරුවන් ඉදිරියේ මව මැරූ පියාට වසර 37ක සිර දඬුවම්

Rohana Thursday, 19 December 2024 05:38 PM

වසර 37 සිරදඩුවමත් දීල තවත් දඩුවම් දෙන්නයි තිබුනේ

:       2       81

MalinduThursday, 19 December 2024 07:52 PM

එළියට එද්දී අවුරුදු 84යි. එළියේ තමුන් වෙනුවෙන් තමුන්ව බලාගන්න කවුරුවත් නැහැ. අඩු තරමේ තමුන්ට තමුන්ව බලාගන්න අතපය හයිය නැහැ. මීට වැඩිය දඬුවම කුමක්ද? හරි නම් 75න් වගේ එළියට එන්න පුළුවන් විදිහට දඬුවම අඩු කරන්න තිබ්බේ. එතකොට එයා විඳවන කාලය වැඩි වෙනවා.

:       0       2

Rajun de Silva Friday, 20 December 2024 07:48 AM

ඔස්ට්‍රේලියාවේ අවුරුදු 37 ක් කියන්නෙ ඉතාම විශාල දඩුවමක්.

:       0       3

රුවන් Friday, 20 December 2024 04:58 PM

ලංකාවේ අය කරොත් කරන්නේ ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව නිකං වනචාරී ඉන්න අමානුෂික මිනිස්සු ඉන්න රටක් කියලා පෙන්වන එක තමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site