
(සුජිත් හේවාජුලිගේ)
දරුවන් අතරේ ඉන්ෆ්ලුවන්සා උණ සහ පාචනය පැතිරීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා ලංකාදීපයට පැවසීය.
මේ හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත නොවන ස්ථානවලින් ආහාර ගැනීමෙන් වලකී සිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්ද මෙම රෝගී දරුවන් රැසක් පසුගිය දිනවල වාර්තා වූ බව පවසන දීපල්පෙරේරා මහතා මැස්සන්ගෙන් ආහාර පරිස්සම් කර ගැනීම, පිරිසුදු වතුර පාවිච්චිය, වැසිකිළි යැමෙන් පසු හොඳින් අත් සෝදා ගැනීම පාචනය පැතිරීම වළක්වා ගත හැකි බවද සඳහන් කරයි.
ඉන්ෆ්ලූවන්සා උණ වැළඳුණු දරුවන් රැසක් ප්‍රතිකාර ලබා පිටව ගිය බවද ඔහු සඳහන් කළේය.
මේ අතර මෙරටට කුරුලූ උණ පැතිරීමේ අවදානමක් නැතැයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන් අතරේ ඉන්ෆ්ලුවන්සා උණ පාචනය වැඩි වෙලා