IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දරුවන්ට පහරදී සමාජමාධ්‍යට දැමු පියා අල්ලයි

(රංජිත් රාජපක්ෂ  )                    

තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දි එය විඩියෝ ගත කර සමාජ මාධ්‍යට එක් කළ පියෙකු  අද (07) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා පැවසිය.

දිඹුල පතන පොලිස් වසමේ වතු යායක පිහිටි බිරිදගේ නිවසේ පදිංචිව සිටින 33 හැවිරිදි සැකකාර පියා ඉකුත් (05) දින රාත්‍රියේ නිවසේදි අවු 09 සහ 05 හැවිරිදි දරුවන් දෙදෙනාට පහර දි ඇති බවත්, සැකකරුගේ බිරිද ගෘහසේවය සදහා විදේශ ගත වි ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

දරුවන් දෙදෙනා මිත්තණිය භාරයේ සිට ඇති බවත්, සැකකරු කොළඹ ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයක සේවය කරන අයෙකු බවත්, දරුවන් දෙදෙනා පියාගේ උපදෙස් නොපිලිපදින නිසා සැකකරු විසින් දරුවන් දෙදෙනාට අතින් පහරවල් කිහිපයක් ගසා ඇති බවට දැනට කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

 

 



අදහස් (0)

දරුවන්ට පහරදී සමාජමාධ්‍යට දැමු පියා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site