
(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය අධ්‍යාපන කොට්ඨශයට අයත් පාසැලක සිසුන් සිව් දෙනෙකු පාසැල නිමාවී එමින් සිටියදී පාසැලට නුදුරින් මහ මගදී සිසුවෙකුගේ පියෙකු විසින් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් රෝහල් ගත කොට ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි.
පාසලේ අවසාන කාලඡේදය තුළ, පසු ගියදා නවවැනි ශ්‍රේණියේ සිසුන් තිදෙනෙකු එම පන්තියේම සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සිදුවී ඇත.
අනතුරුව එම පහර කෑමට ලක්වූ සිසුවා ඔහුව කැටුව යාමට පැමිණි සිය පියාට සිද්ධිය සැළකිරීමත් සමග කෝපයට පත් පිය එම සිසුන් තුන්දෙනාටත් ඔවුන් සමග සිටි අට වසරේ තවත් සිසුවෙකුටත් පහර දී ඇතැයි කියයි.
මෙසේ පහර කෑමට ලක් වූ 13 හැවිරිදි දරුවෙකු සහ 14 හැවිරිදි දරුවෙකු කල්පිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. තවත් දරුවන් දෙදෙනෙකු සහ දරුවන් විසින් පහර දුන්නා යැයි කියන සිසුවාකු ද ඇතුලුව 14 හැවිරිදි දරුවන් තිදෙනෙකු පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබති.
මේ පිළිබදව කල්පිටිය ළමා හා කාන්තා කාර්‍යාංශ නිළධාරීනියකගෙන් විමසීමේ දී සිද්ධියට අදාල පහර දුන් බවට සැක කෙරෙන තිහලිය පදිංචි 45 හැවිරිදි පියා මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන්ගේ ගැටුමට පියා මැදිහත්වී සිසුන් හතරක් රෝහලේ
Asitha Thursday, 29 August 2024 01:18 PM
අහිංසක පොඩි උන්ට ඉගෙන ගන්න දෙන්නෙ නැති කාලකන්නි කොලු අප්පලට ඔහොම දෙන්න ඕන. තාත්ත රිමාන්ඩ් උනත් කොන්දක් තියෙන මිනිහෙක්. ඕකුන්ව පොඩි කාලෙම හැදුවෙ නැත්තන් අර තණමල්විල වගේ ඒවා තව වාර්ථා වේවි.
Jayasekara Thursday, 29 August 2024 04:59 PM
දැන් හැදෙන කොල්ලොත් එකයි... ඔවුන්ගේ අම්මලා තාත්තලාත් එකයි...
Sasanka Thursday, 29 August 2024 06:13 PM
@Asitha- උං අහිංසක නෑ. ගල්අණ්ඩයෝ. හොඳ පාඩම...
NASAR Friday, 30 August 2024 04:48 AM
තාත්තාට ජයවේවා..!