IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දරුවෙක්ට අමානුෂිකව පහරදුන් අයෙක් සොයයි

( රොමේෂ් මධුෂංක)

පදවිය, වැලිඔය සම්පත් නුවර පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකු  අවුරුදු 4 ක් පමණ වයසැති කුඩා දරුවෙකුට අමනුෂිකව පහරදෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව ඒ පිළිබඳව පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

සම්පත්නුවර ප්‍රදේශයේ පදිංචි අදාල සැකකරු විසින් ඔහුගේ නිවසේදී කුඩ දරුවෙකු කෑම කමින් සිටින අතරතුරදී අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අසල්වැසියෙකු විසින් වීඩියෝ කොට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ වැලිඔය සම්පත්නුවර පොලීස් ස්ථානධිපති  ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් සැකකරුගේ නිවස වැටලීමක් කොට ඇතත් ඒ වන විටත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවට පොලීසිය පැවසීය.

සැකකරු ප්‍රදේශයේ කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද නමින් ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව ඇති බවටත් මොහු මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම දරුවාට අමානුෂිකව පහරදී ඇති අතර ඔහුට ඇති බිය නිසා කිසිවෙකු පොලීසියට මේ පිළිබඳව දැනුම් දී නොමැති බවටද අසල්වාසීන් පොලීසියට පවසා ඇත.

පලාගිය සැකකරු සොයා මේ වන විට පුලුල් සෝදිසි පරික්ෂණයක් අරඹා ඇති අතරම සැකකරු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් ළඟම ඇති පොලීසියට හෝ සම්පත්නුවර පොලීසියට දැනුම් දෙන ලෙසටද සම්පත් නුවර පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (4)

දරුවෙක්ට අමානුෂිකව පහරදුන් අයෙක් සොයයි

Pankumburage Tuesday, 04 June 2024 01:09 PM

අර එයාපොර්ට් එකේ මිනිහෙකුට ගහපු හාදය අල්ලන්නෙ නැද්ද.

:       2       26

PereraTuesday, 04 June 2024 02:27 PM

මැටි ඇමැතිව අල්ලන්න පොලිසියට කොන්දක් නෑ

:       1       12

Prabha Tuesday, 04 June 2024 02:18 PM

මූ විතරක් නෙමෙයි ඌට ඕන විදියට දරුවා හදාගන්න ඕනෑ කියන ගැහැණු කෙනාත් කූඩුවේ දාන්න ඕන

:       0       16

නිහාල් Wednesday, 05 June 2024 01:33 AM

කොයි තරම් ගැහුවත් ඒ දරුවට ලොකුවට දැනෙන්නේ නෑ. ඒ තරමට පත්තියන් වෙන්න ඒ දරුවා කොච්චර ගුටි කන්න ඇති ද? මේ වගේ මිනිස්සු නම් එල්ලලා මැරුවට කිසි ප්‍රශ්නයක් නෑ. කවුරුත් කිසි දෙයක් කියන්නෙ නෑ. හිරේ දාලා මගේ බදු සල්ලිවලින් කන්න දෙනවට මම කැමති නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 513 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site