IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දුර්ලභ අලි ගහක් අනතුරේ

විල්පත්තු  වනාන්තරයේ  උත්තුමඩු ආරු ඔය ආසන්නයේ පිහිටි ඇති අලි ගස හෙවත් බැඔබැබ් ගස ඔයට බිලිවීම වැඩි ඈතක නොවන බව පරිසරවේදීහු  පවසති.

වියළි කාලයේ  පැවැත්ම සඳහා විශාල වශයෙන්  ජලය රැස්  කර  ගැනිමේ  හැකියාව ඇති  බැඔබැබ් ගසට ස්වභාව ධර්මයෙන්  එම හැකියාව ලබා දී ඇත්තේ  ඉඩෝරයට  මුහුණ දිම සඳහාය. අලියා  ඇතුළු වන සත්තු මේ  ගසේ  පොත්ත කෑමට  බොහෝ  කැමැත්තක්  දක්වති.  මෙම ගස පිහිටි පෙදෙස රක්ෂිතයක්  බවට  පත් කර  ඇත.  ගසේ  උස  මීටර් 7.5 ක්  වට ප්‍රමාණය මීටර් 19.51 ක් ද වේ. මෙම ගස බැදීමට අඩු ගණනේ  මිනිසුන්  දාහතර දෙනෙකුවත්  අවශ්‍ය  වේ.

කුඹුරාවිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ගස  දකුණු අප්‍රිකාවේ , මැඩගස්කරය වැනි රට වල විශාල වශයෙන් දක්නට ලැබෙන බවත් වසර 1000 කට වඩා පැරණි මෙය ඉතිහාසයේ වෙළද ගනුදෙනු වලදී මෙම ප්‍රදේශයට පැමිණි විදෙස් වෙළදුන් මෙම ගස රෝපණය කරන්නට ඇතැයි ජනතාව විශ්වාස කරයි.

කඩොලාන ශාක ආසන්නයේ ඇති මෙම ශාඛය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයෝ රැසක් එති. මන්නාරම් නගරයේ ද බැඔබැබ් ගස් ඇත.

tree_160201 tree_160201.jpg(1) tree_160201.jpg(2)

විල්පත්තු වනාන්තරයේ  ඇති  බැඔබැබ් ශාකය

download

images

යාපනයේ  ඇති  බැඔබැබ් ශාකය

 



අදහස් (2)

දුර්ලභ අලි ගහක් අනතුරේ

ප්‍රදීප් Monday, 01 February 2016 11:16 PM

එක පැත්තක පස් සේදීමෙන් සිදුවන විනාශය වළක්වාගන්නට ලොකු කළුගල් කීපයක් පේළියට, ගහට මීටර් 2ක් පමණ ඈතින් දමා පස් පිරවීමෙන් මෙය ආරක්ෂා කරගත හැකියි. මේ ගමේ මිනිස්සු එකතු වුණොත් මෙය කරගන්න පුළුවන් එක දවසෙන්. මුහුදු ඛාදනය තරම් මෙය අමාරු නැහැ, වේගවත් රැල්ලක් නැති නිසා. (නි)

:       0       0

ඇන්ටනී Monday, 01 February 2016 08:13 AM

සියල්ල අනිත්‍ය බව, තාම ඉගෙනගෙන නැති මිනිස්සු. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site