IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දැරියකට හදි කළාට වසර 35ක් සිපිරිගෙට

(සුමිත් පොතුපිටිය)

අවුරුදු 16 දැරියක  දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයකු වරදකරු කරමින් පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා  ඔහුට වසර 35 ක සිරදඬුවම්  නියම කළේය.

මොරටුව, ලක්ෂපතිය, කන්නගර මාවතේ පදිංචි  38 හැවිරිදි අයකුට මෙසේ දඩුවම් නියම කෙරිණි.

විත්තිකරු 2021 ජනවාරි සහ මාර්තු මාසයන් අතරතුර කාලය තුල 16 හැවිරිදි දැරියක රී දූෂණය කිරීම සම්බන්ධයෙන් කොළඹ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය  අත්අඩංගුවට ගෙන චෝදනා තුනක් යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපති වරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

 



අදහස් (5)

දැරියකට හදි කළාට වසර 35ක් සිපිරිගෙට

අරුණ Monday, 24 June 2024 06:35 PM

බොහොම බරපතල වැඩියි තීන්දුව. විනිසුරු ද්වේශය අධික මානසික රෝගියකු නම් විත්තිකරු වින්දිතයෙක් බවට පත්වෙනවා. ලංකාවේ එක එක උසාවිවල එක එක තීන්දු. මොකද්ද ප්‍රමිතිය?

:       36       14

Senarath Tuesday, 25 June 2024 10:36 AM

ඒ ළමයා මුළු ජිවිත කාලයම විදවනවා... මෙවැනි දඬුවම් දීම සමාජයේ අනිකුත් පුද්ගලයන්ට හොඳ පාඩමක් වේවි

:       3       5

දිල්ෂාන් Tuesday, 25 June 2024 12:12 PM

පුදුම දඬුවම්. ගොඩක් කෙල්ලෝ කැමැත්තෙන්ම යනවා. කොල්ලා විතරයි දඬුවම් විඳින්නේ.. කෙල්ලට බේරෙන්න ඕනෙකම තිබුණා නම්, තියෙනවනම් ගොඩක් දුර‍ට බේරෙන්න අවස්ථා තියෙනවා. සමහර විට කීපවරක් හදි කොරනවා. ඒත් නොකියා ඉඳලා පස්සේ කියනවා. මේ නිසා කොල්ලෝ විතරයි දඬුවම් විඳින්නේ. අවුරුදු 16 කියන්නේ ළදරුවෙක් නෙමෙයි. කෑගහන්න පුළුවන්. හපන්න පුළුවන්.

:       1       2

ගුරුදෙගුරු Tuesday, 25 June 2024 12:22 PM

සදාචාරයේ පිරිහීම. දඬුවම් නෙමෙයි මේ වගේ දේවල් සිදුවෙන්න තියෙන අවස්ථා අඩුකරන්න පුළුවන් මිනිස්සුන්ගේ හැදියාව වර්ධනය කෙරුවොත්. පාසලින් ඒක කොහොමත් වෙන්නෙම නෑ. ගෙදරින්ම තමයි නැත්නම් දහම්පාසල් වලින්. ළමයි දෙමව්පියෝ, ගුරුවරු, වැඩිහිටියෝ ගැන කිසිම ගෞරවයක් සැලකීමක් නෑ. අධ්‍යාපනය ගැන බලන්න, සොයන්න ඉගෙනගත්තු, මොළයක් ඇති, බුද්ධිමත්, දරුවන් ගැන ආදරයක් කරුණාවක් ඇති කෙනෙක් හිටියොත් මේවා වෙනස්වෙයි. බල පොරයක ඉන්න නුගත්, ඇමතිලා ඉන්නකන් මේවා අඩුවෙන්නේ නෑ. කිසිම මේවා ගැන කටක් ඇරලා වචනයක් කියන්නේ නෑ. ඒ අයට ඕනේ කොහොම හරි බලය විතරයි. ළමයි කුඩුකාරයෝ, බේබද්දෝ, මිනීමරුවෝ, හොරු උනාට ඒ පිරිසට වගේවගක් නෑ

:       0       5

Manjula Bandara Tuesday, 25 June 2024 02:40 PM

නීති පීඨයට ඇතුළත් වීමේ සුදුසුකම විද්‍යා විෂයන් බවට පත් කරන්න. එවිට නඩු මෙහෙම පල් වෙවී දසක ගානක් ඇදෙන එක නවතී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site