IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


දෙරටේ තීරණ ජනතා කැමැත්ත මත ක්‍රියාත්මක කළ යුතුයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගනු ලබන ද්විපාර්ශ්වීය තීරණ පිළිබඳව දෙරටේ ජනතාව දැනුවත් කිරීම සහ ජනතා බහුතර කැමැත්ත ඇතිව ඒවා ක්‍රියාවට නැංවීම අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා හමුවේ පැවසීය.

දෙරට අතර එකඟතාවන්ට එළඹ ගනු ලබන තීරණ පිළිබඳව ජනතාය නිවැරදිව දැනුවත් කළ යුතු අතර ඒවායේ වාසි අවාසි ද පැහැදිලි කර දිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ඉන්දීය විදේශ ලේකම්වරයා අතර හමුව ජනාධිපති කාර්යාලයේ දී අද (05) පෙරවරුවේ පැවති අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට ආරාධනා කරන බව ද  ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 1960, 70 දශකවල පැවති මිත්‍රත්වය හා සබඳතාව යළි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා, ඉන්දීය සාගරය, සාම කලාපයක් බවට පත්කිරීමට දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය 1971 දී කළ යෝජනාව ඉදිරියට ගෙන යාමට ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ද පැවසීය.

13 වන ව්‍යවස්ථා සංශෝධනයේ දුර්වලතා සේම ශක්තීන් හඳුනාගෙන ක්‍රියාත්මක වීමේ කඩිනම් අවශ්‍යතාවයක් පවතින බව කී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවෙන් බැහැරව ගිය දෙමළ ජනතාවට නැවත රටට පැමිණීමට හැකි පසුබිම සැකසීම තම අපේක්ෂාව බව ද කීවේය.

ඒ සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට තමා එක්සත් ජාතීන්ගේ සංවිධාන රැස්වීමේදී දෙමළ ඩයස් පෝරාවට සහ විදෙස්ගත දෙමළ ජනතාවට විවෘතව ආරාධනා කළ බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ පැවසීය.  



අදහස් (9)

දෙරටේ තීරණ ජනතා කැමැත්ත මත ක්‍රියාත්මක කළ යුතුයි

විපරමා Tuesday, 05 October 2021 09:05 PM

අපේ රටේ තීන්දු තීරණ ගන්නේ පවුල් පාලනේ උදවියට ඕනේ විදියට .

:       42       53

bandara Tuesday, 05 October 2021 10:21 PM

කියනකොට එහෙමයි කොරනකොට මෙහෙමයි කැබිනට් එකටත් හොරෙන් අත්සන් කරනවා. ජනතාව ඉන්නවද කියල ගානක් නෑ.

:       34       49

de silva Wednesday, 06 October 2021 02:24 AM

ඒවා එහෙම උනාට හාල් මිල නම් තීරණය කරන්නේ ඩඩ්ලි

:       8       6

Perera Wednesday, 06 October 2021 03:39 AM

මේ කියන්නේ ඉන්දියාවේ ජනතාවගේ කැමැත්ත ගැන වෙන්න ඇති නේ

:       7       5

දාස Wednesday, 06 October 2021 05:31 AM

අනේ මෙයාගෙ බොරු කතා, මෙයා ගන්න ජනතාවගෙ කැමැත්ත, මෙයා කරන වැඩ යමහර වෙලාවට පාර්ලිමේන්තුව දන්නෙත්නෑ. එක රටක් එක නීතියක් කිව්ව කෙනා නේ.

:       2       4

Bamunuarachchi Wednesday, 06 October 2021 08:23 AM

නියමයි අදහස. එහෙනම් 13 වෙනි සංශෝධනය නැවත ජනතාවගේ කැමැත්ත අරගෙන ක්‍රීයාත්මක කරන්න

:       8       5

Bamunuarachchi Wednesday, 06 October 2021 08:25 AM

විපරමා වගේ ගොබ්බයින්ට ගොබ්බ කතා කියලා හැංගෙන්න දෙන්න එපා අපිට් උත්තර දෙන්න ඉඩ තියන්න.

:       6       3

සිරිබිරිස් Wednesday, 06 October 2021 08:34 AM

අපි නං දැක්ක විදියට හොඳටම අහ ගත්තා . මීක් ගාන්නේ වත් නැතුව නේද හිටියේ .

:       2       5

Chandima Thursday, 07 October 2021 06:14 AM

බයවෙන්න එපා .මේ කියා තියෙන්නේ ඒගොල්ලොන්ගේම කැමැත්ත අනුව වැඩකරනවා කියලා .ඒගොල්ලෝ ජනතා නියෝජිතයෝ කියනවනේ නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 2090 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1852 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 704 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1415 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3275 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 11329 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1060 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 255 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1299 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site