IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දයාසිරිට වාරණයක්

(මනෝප්‍රිය ගුණසේකර සහ රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම සහ එම ධුරයේ කටයුතුවලට බාධා වන ආකාරයේ ප්‍රකාශන නිකුත් කිරීමෙන් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා වාරණ නියෝගයක් අද (08) නිකුත් කළේය.

ලබන 22 වැනිදා තෙක් බලපැවැත්වෙන අන්දමට මෙම වාරණ නියෝගය නිකුත් කළ දිසා විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් වගඋත්තරකාර දයාසිරි ජයසේකර මහතාට නොතීසි ද නිකුත් කළේය.

හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්‍ෂයේ වැඩ බලන ලේකම් සාරථි දුෂ්මන්ත මහත්වරුන් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරයා එලෙස නියම කළේය.

නීතිඥ සංජීව කළුආරච්චි මහතා මාර්ගයෙන් හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්‍ෂයේ වැඩ බලන ලේකම් සාරථි දුෂ්මන්ත මහත්වරුන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නම් කර ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු දක්වමින් වගඋත්තරකාර දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කළත් 2023 සැප්තැම්බර් 05 වැනිදා සිට ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉවත් කර ඇතැයි දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය පිළිබඳ සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් පක්ෂයේ වැඩබලන ලේකම්වරයාගෙ කටයුතුවලට බාධා වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් සිටින  බවත් කී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති හිටපු ලේකම්වරයා පක්‍ෂයේ වැඩබලන ලේකම්වරයාගේ කටයුතුවලට බාධා පැමිණවීම නිත්‍යානුකූල නොවන්නේ යැයි පෙන්වා දුන්නේය.

ඒ තත්වය මත පක්ෂයේ වැඩ බලන ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම සහ එම ධුරයේ කටයුතුවලට බාධා වන ආකාරයේ ප්‍රකාශන නිකුත් කිරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඉල්ලීමක්ද කළේය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ වාරණ නියෝගය නිකුත් කළ දිසා විනිසුරුවරයා පෙත්සම ලබන 22 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ පුලස්ති රූපසිංහ මහතා සමඟ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටියේය.



අදහස් (0)

දයාසිරිට වාරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site