IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දියවැඩියාව තිබුණත් බාස්මතී කන්න වරම්

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව දියවැඩියාව ට ගුණදායක බාස්මති වර්ගයේ රතු සහලක්  “ නිරෝගී සහල් “ නමින් මේ මාසයේදී හඳුන්වා දෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා කියයි.

මෙම වී වර්ගය මුලින්ම බතලගොඩ වි පර්යේෂණ මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් අම්බලන්තොට වී පර්යේෂණායතනයේ නිපදවා එහි පරික්ෂණ තෙත් වියළි හා අතරමැදි කලාපවල වගාකර සාර්ථක ප්‍රතිඵල කොළ පාළුවටත් ගොක් මැස්සාගේ දුඹුරු පැල හානියටත් ඔරොත්තු දෙන බවත් බොහෝ බාස්මති සහල් ඉන්දියාව පකිස්තානය වැනි රටවල නිපදවන බවත් එහි ගුණාත්මක බවද ඔහු කියයි.

මෙරට වී වර්ග සමග දෙමහුම් කර නිපදවු මෙම බාස්මති සහල් පිසීමේදී  ජලය එකතු කරන අනුපාතයක් ඇති බව බතලගොඩ වි පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා අමිතා බෙන්තොට මහත්මිය කියන්නීය.

rice_2015113L-1 rice_2015113L-2 rice_2015113L-3 rice_2015113L-4 rice_2015113L-5

 



අදහස් (12)

දියවැඩියාව තිබුණත් බාස්මතී කන්න වරම්

දිමුත් Wednesday, 04 November 2015 06:29 AM

අපේ දේශීය හාල්වල වැඩි ගුණ තියෙනවා. (ස)

:       0       0

සේන Tuesday, 03 November 2015 05:13 PM

දැන් බාස්මති සහල් වකුගඩු රෝගීන්ටත් සුදුසුයි කියලා වකුගඩු රෝග විශේෂඥයින්ගේත් මතයක් ඉදිරිපත්වෙලා තිබෙනවා නේද? (නි)

:       0       0

දිනේෂ් Wednesday, 04 November 2015 12:19 AM

බටහිර රටවලට අපේ පැරණි ගුණදායක සහල් ගැන දැනුමක් නැහැ. නමුත් බාස්මති සහ අපේ රතු සහල් දෙකම එහි සඳහන් වෙනවා. අපි ඉන්න පෙදෙසේ ලංකාවේ කඩ ළඟපාතක නැති නිසා අපි බාස්මති කනවා ගුණය ගැන සළකලා. නැත්නම් වෙන්නේ සුදු හාල්ම කාලා ලෙඩවෙන්න. (නි)

:       0       0

උපාලි Tuesday, 03 November 2015 12:15 PM

සුබ ආරංචියක්.(හේ)

:       0       0

හේමන්ත Tuesday, 03 November 2015 12:25 PM

සතුට දනවන කරුණක්. අපේ රටේ බාස්මති සහල් කලින් තිබුනේ නැහැ. දුඹුරු බාස්මති සුදු ඒවාට වැඩිය හොඳයි. සහල් සුද්ද කිරීමේදී දෙකට කැඩීම සහ කුඩුවීම වළකාලන ක්‍රමවේදයක් මෝල් හිමියන්ට හඳුන්වාදීම අවශ්‍යයි. (නි)

:       0       0

අබේසිරි Tuesday, 03 November 2015 12:28 PM

වී පර්යේෂණ ආයතනය වැඩි අස්වැන්නක් ලබාගත හැකි වී වර්ග නිෂ්පාදනය කිරීම ගැනද අවධානය යොමුකළ යුතුයි. දැනට ලංකාවේ වී නිෂ්පාදනය සතුටුදායක මට්ටමක නැහැ. (නි)

:       0       0

දහම් Tuesday, 03 November 2015 12:57 PM

රතු බාස්මතී දැනටමත් සුපිරි වෙළඳසැල් වල තිබෙනවා. මා මිලට ගෙන තිබෙනවා. රසවත්. මෙය වගාවක් ලෙස ව්‍යාප්ත කරන එක නම් හරිම වටිනවා. (නි)

:       0       0

විජිත් Tuesday, 03 November 2015 01:02 PM

මේ බත්වල ආහාර දිරවිමේ ක්‍රියාවලියේදී ආහාර ග්ලුකෝස් බවට පරිවර්තනයවීමට ගන්නා කාලය අනෙක් සහල් වල බත් වලට වඩා වැඩියි.එවිට ග්ලුකෝස් රුධිරයට එකතුවීමට වැඩිපුර කාලයක් ගන්නවා. ඒ නිසා දියවැඩියා රෝගීන්ට මෙය සුබ ආරංචියක්. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 03 November 2015 01:54 PM

අහන්නත් සතුටුයි බාස්මතී වැනි මිල අධික සහලක් ලංකාවේ ගොවීන්ට හඳුන්වාදීම ගැන. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 04 November 2015 05:07 AM

මේ රතු භාස්මති හාල සිඅයිසි කොම්පැනිය මීට අවුරුදු ගානකට පෙර වෙළඳපොළට එවලා තිබුණේ. (ම)

:       0       0

කෝලිත රත්නායක Wednesday, 06 October 2021 11:34 AM

බිත්තරවී ගැනීමට කොහෙද තියෙන්නෙ මාස තුනහමාර කි. 20/25 මම මීරිගම... අදහෙට ගන්න ඕනේ ... හෙට වී දියේ දාන්න ඕනේ.

:       0       0

කෝලිත රත්නායක Wednesday, 06 October 2021 11:38 AM

මාස තුන හමාර සුදු බාස්මතී බිත්තර වී ගන්න තියේද... මම මීරිගම... කිට්ටුවක තියෙන්නෙ කොහෙද අද ගැනීමට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site