IMG-LOGO

දියවඩන නිලමේට සිතාසි

2008 ජනවාරියේ සිට 2011 දෙසැම්බර් 31 වැනි දා දක්වා හය මාසයකට වරක් මහනුවර දළදා මාළිගාවේ ගිණුම් වාර්තා බෞද්ධ කටයුතු කොමසාරිස්ට නොයැවීයැයි දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑලට අධිකරණයේ පෙනී සිටින ලෙස මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා සිතාසි නිකුත් කෙළේය. ගනේගොඩ හා ඇම්බැක්කේ, කතරගම දේවාලවල හිටපු බස්නායක නිලමේ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක විසින් ගොනු කැරුණු පෙත්සම් හතරකින් පසුව උසාවිය එම පියවර ගත්තේය.



අදහස් (0)

දියවඩන නිලමේට සිතාසි

බලබඩ Wednesday, 27 June 2012 10:52 PM

ගලබඩ ඉතාලියේ සිට .. බදුරලියේ ඉදන් කලාවනට පාර හදන්නේ කවුද කියල බලන්න.එතකොට ඔය ගිණුම් වාර්තා නිවැරදි වෙයි.

:       0       0

සිරා Thursday, 28 June 2012 12:03 PM

දෑලල කියන්නෙ කිසිම සුදුසුකමක් නැතිව තානාන්තර අරගත් බව මුළු රටම දන්නවා

:       0       0

පිලිපීනෝ Thursday, 28 June 2012 12:04 PM

කොමසාරිස් තුමාටවත් නැති අමාරුවක්නේ අනික් අයට තියෙන්නේ

:       0       0

රජිත් මංජුල Wednesday, 27 June 2012 11:43 PM

දළදා මාලිගාවට කොටි ගැහුවට වැඩිය හපන් ගැහිල්ලක් වගේ දියවඩන නිලමේතුමා ගහල තියෙන්නේ... ඔහොම යන්........ ඔහොම යන්

:       0       0

නොදරුවා Thursday, 28 June 2012 01:12 AM

බලව හොදින්, දැන් තොපගේ හැරුම් ලක්ෂය පැහැදිලිව දිස්වේ

:       0       0

පී.ඩී‍ Thursday, 28 June 2012 01:11 PM

අපේ අප්පච්චිනම් කියන්නෙ මාලිගාවෙ දේවල් ගසා කන අය මැරෙන්න පනුවො ගහල කියලා.. මීට කලින් එහෙම වෙලා තියෙනවලු...

:       0       0

කුමාරි Thursday, 28 June 2012 02:03 AM

බදුරලියේ ඉදන් කලාවනට පාර හදන්නේ කවුද කියල බලන්න????????????????????

:       0       0

නවීන් Thursday, 28 June 2012 02:07 AM

දියවඩන නිලමේට තියෙන්නේ සද්ධන්ත කුලයේ සිරසක් වෙන්න ඇති . ....... මහජනතාව පින් පතා දමන සල්ලි ...

:       0       0

නවීන් Thursday, 28 June 2012 02:10 AM

පෙරහෙරදී අලි කුලප්පු නොවුනට සතුටුයි මෙවන් දේවල් සිද්ධවෙනකොට

:       0       0

පෙරේරා Thursday, 28 June 2012 03:35 AM

ෂුවර් එකටම අඩු වැඩි කරන්න කල් ඉල්ලයි

:       0       0

මන්ගල Thursday, 28 June 2012 01:47 PM

...ඇමර්සන් වනාන්තරයට ගිහින් අලි කොටි වළස්සු මැද්දේ ජීවත්වෙන මීට වඩා මානසික සහනයක්. ----------------------------------------------- ඇමර්සන් වනාන්තරයේ අලි ,කොටි ,වළස්සු, නෑ ආචාර්‍ය තුමෝ....

:       0       0

ඒකනායක Thursday, 28 June 2012 06:18 AM

අමතක වෙලා වෙන්න ඇති‍.

:       0       0

නයන බන්ඩාර Friday, 29 June 2012 12:13 PM

අනේ මගේ කේන්දරෙත් බලල කියන්නකෝ මහ දශාව මොකක්ද, අතුරු දශාව මොකක්ද, වෙන්නේ මොකක්ද කියලා....

:       0       0

නයනා Friday, 29 June 2012 12:52 PM

අනේ මගේ කේන්දරෙත් පොඩ්ඩක් බලලා දෙන්නකෝ

:       0       0

ලුම්බිණි Thursday, 28 June 2012 08:31 AM

ඉතින් කොහොමද අපට දළදා සමිඳුගේ පිහිට ලැබෙන්නේ

:       0       0

පොතේගුරා Thursday, 28 June 2012 08:49 AM

නොතේරුම් කමට සිද්ධ වුණු දෙයක් වෙන්න ඇති‍‍‍..

:       0       0

නිලමෙ Thursday, 28 June 2012 08:34 AM

ඒ ගැන දැම්ම කියන්න බැ

:       0       0

ගී ගී Thursday, 28 June 2012 08:55 AM

බුදුන්ගේ දේවල් කන අයගේ පරපුරටම දඩුවම් දෙන්න ඕනේ .

:       0       0

රොෂාන් Friday, 29 June 2012 12:57 PM

සල්ලි වලට ආචාර්යකම ගත්ත කෙනො පොඩ්ඩක් ඇමේසන් වනාන්තරේ පැත්තේ ගිහින් එන්නකෝ

:       0       0

සරත් Thursday, 28 June 2012 09:38 AM

නියමයි

:       0       0

කමලේගෙදර Thursday, 28 June 2012 02:38 PM

කලින් හිටපු නිලමේ තුමාත් මෙහෙම වැඩක් දුන්නා දැන් මහජනතාවට අමතක වෙලා දැන් ඉන්න නිලමේ තුමා ඊ ට දස ගුනයකින් වැඩේ දෙනවා

:       0       0

ඩුබායි මල්ලි Thursday, 28 June 2012 09:53 PM

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

:       0       0

කුමාර Thursday, 28 June 2012 10:11 AM

දළදාමාලිගාව අපේ අති පූජනීය තැනක්.. එතන නඩත්තුවෙන්නෙ ජනතාවගෙ ආදරයෙන්, ජනතාව ඒවා කරන්නෙ බුදුන් වහන්සේට ධන්ත ධාතුන් වහන්සේලාට තියෙන අති ගෞරවය නිසායි.. එතන පාලකයා භාරකාරයා මූල්‍යමය විනයක් ඇති කෙනෙක් වෙන්න ඕන..මාස හයකට වරක් ගිනුම් වාර්තා යවන එක නීතියක්. යවල නෑ කියන්නෙ මූල්‍යමය ගැටලු තියෙනවා කියන එක නේද?

:       0       0

සිසිර Thursday, 28 June 2012 10:13 AM

හොරු ගනී කියල වන්න ඇති පැන්නුවේ නැත්ත . අනේ දඩුවම් ක‍රන එපා

:       0       0

කෙවින් Thursday, 28 June 2012 10:44 PM

අනේ දළදා හාමුදුරුවනේ,අපිට හොද පාලකයො ටිකක් ලබා දෙන්න

:       0       0

වසන්ත Wednesday, 27 June 2012 06:09 PM

හිටපු බස්නායක නිලමේට බෞද්ධයන් වන අපේ ගෞරවය මෙයින් පළ කර සිටින වගයි

:       0       0

මහජනයා Thursday, 28 June 2012 02:48 PM

එතකොට කතරගම වගේ තැන් වලත් ඔය ගිණුම් වාර්ථාව 6 මාසෙකට වරක් යවනවද..?

:       0       0

වරුණ Wednesday, 27 June 2012 06:59 PM

ළගදි ලොකු වන්දියක් හම්බ වුණ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ මම හිතන්නේ

:       0       0

රොසාන් Thursday, 28 June 2012 09:51 AM

අයියෝ ලොතරැයියට මොකද වෙන්නේ දැන්?

:       0       0

රුවන් Thursday, 28 June 2012 10:32 AM

අපේ බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ රැක ගන්න ඉන්න ඔබ තුමා මෙහෙම කරන එක හරිද ?????

:       0       0

ෆාරු Thursday, 28 June 2012 10:34 AM

මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ‍‍‍‍.....

:       0       0

නලින් Thursday, 28 June 2012 10:35 AM

අනේ මගේ රටට වෙන දෙයක්....

:       0       0

මංඡුල බිරුට් Wednesday, 27 June 2012 07:26 PM

දෙයියන්ගේ හාල් කැව වගේ නෙවෙයි විදවන්න ගියාම

:       0       0

ජිනා Thursday, 28 June 2012 03:48 PM

මේ ප්‍රතිචර දැක්කම මට , අන්දයෙක්ගේ පස්සෙන් යන තවත් අන්දයෝ රැලක් ගැන කතාව මතක් වෙනවා

:       0       0

තිලක් Wednesday, 27 June 2012 06:51 PM

ඊයේ පෙරේදා හම්‍බඋනාද කොහෙ ලොකු මුදලක්...............

:       0       0

මහේෂ් Thursday, 28 June 2012 03:58 PM

දළදා සමිඳු අසරණ වෙලා ඉන්නකොට අපි සරණ පතන්නේ කොහොමද ????

:       0       0

බන්ඩා Wednesday, 27 June 2012 07:49 PM

රසික සේනානයකට ස්තූතියි . මේවටත් දඩුවම් අවශ්‍යයි.....

:       0       0

දුප්පතා Wednesday, 27 June 2012 07:12 PM

කෝටි ගානක වන්දියක් ලැබුනානේ....දැන් ටිකටික වියදම් කරා නම් හොදයි.......

:       0       0

චන්දවිමල හිමි Thursday, 28 June 2012 10:34 AM

දළදා මැදුරට ආධාර ලබා දෙන ස්ථාන වල කැමරා සවි කර එම ආධාර මුදල් වලින් දළදා මැදුර සංවර්ධනය කර, යම් මුදලක් ඉතිරි වුවහොත් ඒවා දුප්පතුන් වෙනුවෙන් වැය කළ යුතුයි

:       0       0

සිසිර Wednesday, 27 June 2012 07:46 PM

පූජනීය තැන්වලටත් කණ කොකා හඬලා ව‍ගේ...

:       0       0

ශ්‍රීනාත් Wednesday, 27 June 2012 08:27 PM

අහිංසක මිනිස්සුන්ගේ පඩුරු වලින් කරලා තියෙන දේ වැරදි නම් උල තියලත් මදි

:       0       0

බෙන් ටෙන් Thursday, 28 June 2012 11:20 AM

ගිණුම් කටයුතු යවන්න ඕන එහි ගිණුම් අංශය මගින්. ඒවට වගකිව යුත්තේ නිලමේ තුමා නොව එහි ගිණුම් අංශයයි. එතුමා අපහසුතාවයට පත්කිරීමට ගත් උත්සාහයක් ද කියලා සැකයි මොකද අර වන්දි මුදලත් තිබෙන නිසා. කෙසේ වෙතත් ගිණුම් වාර්තා නොයැවීමට එතුමා වගකිව යුතු වුවත් මේ මිනිස්සු සිතන තරමේ වංචාවක් සිදුවී නොමැති බව ‍නම් පැහැදිලිය.මන්ද මෙය බැලූ බැල්මට අතපසුවීමක් සිදුව ඇති බව පෙනෙන බැවිනි.

:       0       0

චානක Wednesday, 27 June 2012 08:33 PM

හොඳ වැඩේ.

:       0       0

පැට්රික් Wednesday, 27 June 2012 08:00 PM

බී.එම්.ඩබ්ලිව්. එකක ගාණ

:       0       0

දයා,saudi Thursday, 28 June 2012 10:47 AM

කලබල වෙන්න එපා.කෝටි ගාණක මුදලක් යම් පුද්ගලයෙනක්ගෙන් අය වෙන්න තියෙනවා.ඒ මුදල ලැබුණු ගමන් ගිණුම් වාර්තා කිරි ගහට ඇන්නා වගේ

:       0       0

ඇටිකිච්චා Wednesday, 27 June 2012 08:45 PM

ඒ උත්තමයට නිකන් බොරුවට අපහාස කරන්න එපා

:       0       0

ලහිරු Wednesday, 27 June 2012 08:29 PM

කොහොම වුණත් එයා බේරෙන එක ෂුවර් අපිට නම්

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 29 June 2012 03:49 PM

දන්නා කවුරුහරි කෙනෙක් අර තරම් දිගට පළකර ඇති ආචාර්ය තුමාගේ හැල්ලේ තේරුම පැහැදිලි කර දෙනවද ?

:       0       0

ගොනා Wednesday, 27 June 2012 09:11 PM

දෙකක් නැ ඒක වෙන ගිනුමකට දාලඅැති වැරදිමකින් ?????/

:       0       0

සම්පත් Wednesday, 27 June 2012 08:42 PM

නොදන්න කමට වෙන්න ඇති‍‍‍‍....අනේ දඩුවම් කරන්න එපා .

:       0       0

රූපසිංහ(Dubai aluminium) Wednesday, 27 June 2012 08:45 PM

තව ටික දවසකින් කියයිද දන්නෑ දන්ත ධාතූන් වහන්සේත් අතුරුදහන් වෙලා කියලා

:       0       0

ප්‍රගීත් Wednesday, 27 June 2012 09:32 PM

ජිවමාන බුදු හාමුදුරුවො බාරව ඉන්න කෙනාටත් අධික තන්හාව

:       0       0

රුවන්ගල Thursday, 28 June 2012 11:48 AM

අනේ මන්දා, මෙහෙම ගියොත් අපේ උරුමෙන් තව මොන මොනවා නැති වෙයිද දන්නේ නෑ

:       0       0

ඇටිකිච්චා Thursday, 28 June 2012 11:15 AM

එහෙනම් බුදු හාමුදුරුවන්ගෙත් දත ගැලෙවුවා

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 27 June 2012 09:06 PM

විහාර දේවාලගම් පණත මඟින් පාලනය වන බෞද්ධ විහාරස්ථානවල ගිණුම් වාර්තා සෑම මාස 6 කට වරක්ම බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත යැවීම මෙහි සාමාන්‍ය නීතියයි.පෙත්සම් ගැසීමට අපේ ලංකාවේ මිනිස්සු හරි දක්ෂයි.මොනවා නැතත් අනුන්ගේ දේවල් හොයලා පෙත්සමක් ගහලා ඇති. අනුන්ට පෙත්සමක් ගහන්න වැය කරන කාලය, ශ්‍රමය හා ධනය තමන්ගේ මතු දියුණුව සඳහා භාවිතා කිරීම බුදුදහමට අනුවත් අර්ථ සම්පන්න බව කිවහැකිය.අද සෑම දෙයක්ම නුහුරට සිදුවන විට එක තැනකින් පමණක් සාධාරණත්වය බලාපොරොත්තු විය නොහැකිය.

:       0       0

සමන් Thursday, 28 June 2012 11:55 AM

දියවඩන නිලමේ කෙනෙක් කරන ඕනේ තමන්ගේ වැඩ කොටස විතරනේ .අනවශ්‍ය දේවල් කරන්න ගියොත් හිරෙත් ලගින්න වෙනවා අනිවාර්යි .

:       0       0

කේ.කේ. Wednesday, 27 June 2012 09:16 PM

ගිහි බොදු නායකයා තමන් බව දැනගත යුතුයි..

:       0       0

භක්ති Thursday, 28 June 2012 05:22 PM

බුදු සසුන ලෝ‍කෙන් නැතිව යනවා කියන එකට මේවා පෙර නිමිතිද කියල හිතෙනවා.. මිනිස්සු මාලිගාවට ගිහිල්ලා හිතේ භක්තියෙන් පඩුරක්වත් දාන එක නැතිවෙයිද? මොක්ද මේ වේගන යන්නෙ..??

:       0       0

එටකිච්ච Thursday, 28 June 2012 11:41 AM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-27 22:44:59 "ඇමර්සන් වනාන්තරයට ගිහින් අලි කොටි වළස්සු මැද්දේ ජීවත්වෙන මීට වඩා මානසික සහනයක්...." ඉතින් යන්නකෝ මෙයා ...!

:       0       0

එටකිච්ච Thursday, 28 June 2012 12:22 PM

ඒ මහත්තය සාමාන්‍ය පෙළ වානිජ්‍ය අසමත්ද කියල කව්ද දන්නේ ?

:       0       0

ගිනි කසය Thursday, 28 June 2012 12:29 PM

ඔය හම්බුවෙන්නේ කරපුවට ටික ටික ...

:       0       0

සූර සේන Thursday, 28 June 2012 12:34 PM

නිලංග දෑල මාලිගාවට ආවේ 2005 එදා ඉදලම අර්ධ වාර්ශික අයවැය යවලා නෑ අනේ සුදන්ත මහත්තයෝ ඔබ තුමා 2008 ඉදලා විතරයි ගැනලා තියෙන්නේ, අනික අළුත් විහාරෙ තිබ්බ තයිලන්තෙ රජතුමා දීපු රන් පිලිම 25 ආසන එක්කම අන්ත්‍රස්දාන වුනා ඒ කට කරපු පැමිනිල්ලක් විභාග කරලා දඩුවම් කරා මානව හිමිකම් කොමිසන් සභාවෙන්, හිටපු අගවිනිසුරු තුමා නඩුව විසි කරා මාලිගාවේ නඩු මෙහෙ අහන්න බෑ කියලා, අනේ පැමිණිලි කරපු අයට දෑල නඩු දාලා වන්දි ඉල්ලුවා, දෑන් පිලිමත් නෑ නඩුත් නෑ, අයියෝ සල්ලි.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 27 June 2012 10:44 PM

කොච්චර හොඳට කටයුතු කළත්,කේලාම් කියලා ප්‍රධානීන් හා බිඳවා විනයානූකූලව කටයුතු කිරීමට පෙර නිදහසට කරුණු දැක්විය යුතුබවට ලිපි සකස් කර ඉදිරිපත් කළහැකිය.ගහන්න ගහන්න වඳින මිනිසාත්,වඳින්න වඳින්න ගහන මිනිසාත් මෝඩයින් බව පිරුළකි.ප්‍රධානියෙකු මෝඩ වූ පමණකට වටේ සිටින අයට අවශ්‍ය පරිදි නැටවියහැකිය.එබඳු රූකඩයකින් සාධාරණත්වය බලාපොරොත්තු විය නොහැකිය.ස්ථානයක් අවුල් වන්නේ ප්‍රධානියෙක් නැති වූ විට නොව රූකඩ ප්‍රධානියෙකු පත්වූ විටය.නිවැරදි අය හැමවිටම දුකේ.වැරදි කරුවෝ ජයම ලබති.වඳින්න ගිය දේවාලට ඉහේ කඩා වැටුනාම තද දුකක් හිතට දැනේ.මොනවා කරන්නද මේ යන්නේ කේන්දරේ කේතු මහා දශාවේ සෙනසුරු අතුරු දශාව.එවිට රහස් සතුරු උගුල්වලට හසුවිම,කුමන්ත්‍රණකාරීන්ගේ උගුල්වලින් පීඩාවට පත්වීම වැනි දේ සිදුවේ.නිවසේ සිටින මොහොත පමණ සිතට සුවයක් එබඳු තැනක නැත.පරණ කෙනාට ආයෙමත් ආ එක ගැන සතුටු වුනා.හිතුවේ හොඳ කලක් යාවී කියලා.අනේ බැලුවම එයාව කොහොම හරි යවා ගන්නම උත්සහ කරපු,ගියාට පස්සේ නොබිනා විදිහට බැනපු අයම තමයි එයා ආයෙමත් ළංකර වටේට තියාගෙන විශ්වාස කරගෙන ඉන්නේ.වෙන තැනක හොද දෙයක් ලැබෙනවා නම්.මොනවා කරන්නත් ජීවත්වෙලා ඉන්න එපැයි.ඇමර්සන් වනාන්තරයට ගිහින් අලි කොටි වළස්සු මැද්දේ ජීවත්වෙන මීට වඩා මානසික සහනයක්.

:       0       0

සුසිල් Thursday, 28 June 2012 11:57 AM

අහිංසකයන්ගේ පඬුරු සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 104 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2239 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 694 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site