IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘දියුණු වෙන්න විද්‍යාවයි තාක්ෂණයයි ඕනෑ‘

ශ්‍රී ලංකාව මධ්‍යම පරිමාණයේ දියුණු රටක් හැටියට ඉදිරියට යාමට නම් විද්‍යා හා තාක්ෂණ විෂය ඉදිරියට ගෙන ආ යුතු බවත් එය ලොව පවතින සම්මත මතය බවත් විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අද ශ්‍රීලනිප කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘අපේ රටේ පර්යේෂණ කටයුතු සිදු කරලීමේ අඩුවක් තියෙනවා. අපේ විශ්ව විද්‍යාල, විද්‍යාඥයින් හා සියලු පර්යේෂණ කටයුතු සිදු කරන අය ඒ සඳහා යොමු කිරීමට අනුබල දීම, නංවාලීම සඳහා පනතක් ගෙන එන බවද ඒ මහතා කීය.

අමාත්‍ය ඩිලාන් පෙරේරා ද එම මාධ්‍ය හමුවට එක්විය.

DSC_2570



අදහස් (0)

‘දියුණු වෙන්න විද්‍යාවයි තාක්ෂණයයි ඕනෑ‘

ලලිත් Thursday, 07 July 2016 11:40 PM

විද්‍යාව තාක්ෂණය ඇතුළු සියල්ලෙන්ම පරතෙරට පැමිණි ඔබතුමන්ලාව ජනතාව පත්කළේ එ්වට තමයි. විද්‍යාඥයෝ මොනවටද? අනික විද්‍යාඥයෝ මොනවාහරි සොයාගත්තත් අන්තිමට නම ගහගෙන වැඩකාරයෝ වෙන්නෙත් ඔයගොල්ලොමනේ?‍ ගමේ පාසල් වල පහසුකම් නැහැ. ළමයින්ට යන්න පාසල් බස් දාන්න සල්ලි නැතිවුණාට ඔබතුමාලට යන්න ඩියුටි ෆ්‍රී කාර්. ඉතින් කොහෙද පර්යේෂණ කරන්න විද්‍යාඥයෝ බිහිවෙන්නේ. පර්යේෂණාගාරයත් පාර්ලිමේන්තුවේම සවිකර ගන්න. (නි)

:       0       0

නුවන් Friday, 08 July 2016 06:56 AM

ඉස්කෝලේ නොගිය කට්ටියක් රට කරවන තැන ඉන්නකොට මොන විද්‍යාවද?(අ)

:       0       0

සුපුන් Thursday, 07 July 2016 01:57 PM

විද්‍යාව විතරක් මදි මිනිස්සුන්ව රවට්ටන විදිහත් ඉගෙන ගන්න ඕනේ! (හේ)

:       0       0

සුමනපාල Friday, 08 July 2016 02:01 AM

ඒ වගේම 8 වසර විද්‍යාව තාක්ෂණයවත් පාස් දේශපාලකයොත් ඉන්න ඕනෑ. නුසුදුස්සන් ගෙදර යන්න ඕනෑ. (නි)

:       0       0

ජයම්පති Thursday, 07 July 2016 02:18 PM

හ්ම්, අලුත්ම සොයාගැනීමක්. හැමදාම ඉතින් ඔය ටික තමයි (බ)

:       0       0

මාලන් Thursday, 07 July 2016 03:27 PM

අනේ උඹ දන්න විද්‍යාව. සීනි ඇමැති.ජෙනරාල් හිරේ යවන්න වැඩකරන්න විතරයි දැනගෙන හිටියේ. පරණ පිනකට අද පාර්ලිමේන්තුවේ ඉන්නේ.(බ)

:       0       0

අනුරාධ Friday, 08 July 2016 05:12 AM

අනේ! කවුරුහරි මෙතුමා ගැන ටිකක් විස්තර කරන්නකෝ (නි)

:       0       0

පුබුදු Friday, 08 July 2016 05:55 AM

වැදගත්ම දේ ආකල්පමය වෙනසක්. අනිත් රටවල කියන්නේ තමන්ගේ රට උතුම් කියලා. නමුත් අපේ රටේ පොඩි කාලේ ඉදලම උගන්වන්නේ වෙන රටවල් අපේ රටට වඩා හොදයි කියලා. ඉස්සෙල්ලම රටට ආදරේ කරන්න උගන්වමු. තව එකක කේන්දර සාස්තර වගේ මිත්‍යාවන් පස්සේ යන එකත් නවත්තමු. එතකොට රට දියුණු කරන්න ලේසියි. (ම)

:       0       0

බමුණු ආරච්චි Thursday, 07 July 2016 10:55 PM

මේ කියනතුරුම අපි දැනගෙන සිටියේ නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 574 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 329 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site